සුදු වේල් පට දරා ගෙන අත
එහා හිස් ගෙට ආව පති නිය
මාස දෙක තුන ගෙවී ගිය කල
ඇගේ හිමි සඳ ගියා රට හැර

සදා ඇති ගෙයි කොනේ ළිඳ ලඟ
නමා දණ ඇය නායි දිය පෙණ
වෙලා තෙත ඇගෙ ඇඟේ තැන තැන
මෝදු වෙයි අඟ පසේ වග තුග

වනා තෙත දිය රෙදි කඩේ උඩ
දැන දැනා ඇස් යොමා ඇති බව
වන වනා මස් ගොබේ පිටු පස
යන දිහා දැක තළු මරා හිත

බලා වට පිට මෙමා හැම දින
උනා සළු පිළි ළඳේ නුඹ දැක
වසා නැති දොර කරා තව තද
හිතේ ඇති රුව අඳී අත උඩ

යන එනා මග බල බලා තව
කලා මම මුර එන තුරා ඔබ
වසා ඔය කට බදා ගත් කල
ඔබේ අත මගෙ කැහැ පොටේ යට

ළඳේ ගෙයි එළි නිමා ඇයි අද
තැලී මල් පෙති ඇඳේ රෙදි අග
එදා අත් වැඩ නිමා වෙයි අද
හොරා ඔබ ලඟ සිටී ඇඟ උඩ