AI තාක්ෂණයේ දියුණුවත් එක්කම වර්ථමානයේ agencies වලට තිබුණු demand එක අඩුවෙලා තියෙනවා. මේ පාර අවුරුද්දට කරපු campaigns එක්ක බැලුවොත් තේරේවි main consumer brands ඇරෙන්න ගොඩක් brands, AI භාවිතා කරලා තමන්ගේ අවුරුදු content නිර්මාණය කරලා තියෙනවා කියලා. මේ වගේ තත්වයක, ඊලග අවුරුදු දෙක කොහොම වෙයි ද කියන එක ගැන මගේ අදහස තමයි මේක.

Execution is Cheap, Ideas are Gold
තවදුරටත් content එක නිර්මාණය කිරීමේ කාර්යය අපහසු දෙයක් වෙන්නේ නැහැ. ඒක graphic එකක් ද, නැත්තම් video එකක් ද කියන එක වැදගත් නැහැ, AI දැන් ඒ දෙකටම solutions ලබා දීලා තියෙනවා. හැබැයි තවමත් අදහස් අතින් මිනිසුන් ඉදිරියෙන් ඉන්නවා. AI භාවිතා කරලා තමන්ගේ අදහස් next level එකට අරන් යන්න පුළුවන් නිර්මාණශීලී අදහස් තියෙන කෙනෙක්ට. ඉදිරියේදී ideas සහ concept වලට වැඩි වටිනාකමක් ලැබෙයි.

Power of internal teams
බොහෝ වේලාවට ලොකු brands තමන්ගේ internal and digital media content වලට බොහෝ වෙලාවට inhouse team වලට යන්න ඉඩ තියෙනවා. Outside agencies වලට වඩා internal team එකට අවශ්‍යය AI tools ටිකයි stock subscriptions ටිකයි අරන් දුන්නා නම්, අඩු cost එකකින් වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට සුදුසු content creators ලා recruit කරාම තවත් ලේසියි. Special campaigns හරි high capacity productions හරි තියෙනවා නම් විතරක් agencies වල සහය ගනියි.

Be Multi-Skilled or Be a Master
තවදුරටත් එක skill එකක් පමණක් දැනගෙන සිටීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. Idea එකේ පටන් execution එක දක්වාම කරන්න පුළුවන් කෙනෙක්ට වැඩි ඉඩක් ලැබෙනවා. තමන්ට පුළුවන් video editing විතරයි නම්, තමන් ඒ subject එකේ specialist කෙනෙක් වෙන්න වෙනවා. එතකොට ඔයාට වැඩ ලැබෙනවා ඔයාගේ unique taste එකට කැමති අයගෙන්. ඒක තමයි ඔයාගේ අනන්‍යතාවය වෙන්නේ.

Say Hello to AI-Localized Content
AI විසින් තව දුරටත් local languages සහ local contents වලට තමන්ගේ හැකියාවන් දියුණු කරගනීවි. සිංහල, දෙමළ වගේ භාෂාවලට AI වලින් තියෙන හැකියාව වැඩිදියුණු වෙද්දී තවදුරටත් translators සහ content writers ලාගේ අවශ්‍යතාවය අවම වේවි.

Short-Form Gets AI’d, Long-Form Gets Love
ඉදිරියේදී short-form content බහුතරයක් AI මාර්ගයෙන් කරගන්න අපි පෙළඹේවි. Stock sites, voiceovers සහ templates වගේ ගොඩක් දේවල් AI එක විසින් replace කරාවි. TVC, Films සහ High quality requirements වගේ දේවල් වලට විතරක් ලොකු productions වලට යාවි.

අන්තිමට කියන්න තියෙන්නේ AI won’t replace creativity. It’ll replace mediocrity. Adapt. Experiment. Evolve.