කළු පාර තෙත් කරපු
රළු පොළව මත හැලූණු
මහා වැසි වැටුණු දා
පූසෙක් තෙමුනා පාරේ

දහදියෙන් පොඩි වෙච්චි
ඇඳුම් දැන් තෙත් වෙද්දි
පොර කකා බස් මැදින්
පූසෙක් තෙමුනා පාරේ

සීතලට ආස උන්
හීනියට රත් වෙද්දි
සාගින්න ඇති උන් එක්ක
පූසෙක් තෙමුනා පාරේ

නිදි වැදී එන උන් එක්ක
උණුහුමට ගුලි වෙන්න
සමහරක් දුවනකොට
පූසෙක් තෙමුනා පාරේ