ඊයේ ගියා එල්ෆිනිස්ටන් එකට. ආයේ පාරක් එල්ෆිනිස්ටන් එකට සිංහයා ඇවිත්. ඒ වගේම සරත්චන්ද්‍රයන්ගේ ගුණානුස්මරණයක්ද එකකුත් තිබුණා. කොහොමින් කොහොම හරි නාට්‍යය පටන් ගත්තා.

එදා වගේම අදටත් සිංහයා එද්දී මුළු ශාලාවම පිරෙනවා. ඒ මියුසික් එකට, වේශ නිරූපණයට වගේම ඒ ඇක්ට් එකට මුළු හෝල් එකම වශී වෙනවා. අඩි හප්ප හප්ප යන සිංහයාම පුත්‍ර සෙනෙහෙන් අඩා වැටෙනකොට එන ඉමෝෂන් එක අදටත් ඒ වගේමයි.

ඊයේ ඉඳන් මාසයක් යනකම් එල්ෆිනිස්ටන් එකට නාට්‍ය වසන්තයක් ඇවිත්. ටවර් හෝල් පදනම කරන මේ සත්කාරය ඇත්තටම වටිනවා. මොකද අප මේ වගේ නිර්මාණයක් ලේසියෙන් දකින්නට බැහැ වගේම මම හිතන්නේ නැහැ ආයෙමත් මේ වගේ පර්සනැලිටි තියෙන නළු නිලියෝ එයි කියලා. මම අනන්තවත් වැඩ කරලා තියෙනවා වාක්‍යය දෙකක දෙබසක් පාඩම් නැති අයත් එක්ක. ඒ අයත් එක්ක බලද්දී සනත් විමසිරි වගේ අය මුළු නාට්‍යය පුරාවටම ගායනා ටික මතක තියාගන්න එකම ඇති.

ස්ටේජ් එක කියන්නේ වෙනමම ලෝකයක්. සිනමාවට වගේම මම ආදරේ කරන තැනක්. හැබැයි මම මේ වගේ පරණ නාට්‍යය වලට විශේෂ ඇල්මක් තියෙනවා. සමහර විට අපිත් එක්කම මේ නාට්‍යය කලාවත් නැති වේවි. මොකද එතැන ඕඩියන්ස් එකේ 2000න් පහල ඉපදුණු කිරිම එකෙක් හිටියේ නැහැ.

පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න. පොඩි කාලේ ඉඳලා ළමයි මේවාට පුරුදු කරන එක හොඳ වැඩක්. හැබැයි ඛෙන් ටෙන් බලන සුපර් ශිවා බලන පොඩි එවුන් අරන් එද්දී උන්ගේ කටවල් වහන් අරන් එන්න. නාට්ටි බලන අයටත් වදයක් වෙනවා නැත්තම් උන් එතැන දඟලද්දී.

එහෙනම් ඉඩක් තියෙනවා නම් අනිවාර්්‍යයෙන් ගිහින් බලන්න මේ නාට්ටි ටික.