බක්මහ අකුණු වදිනා මහ වැහි රෑක
සිත ඇති දුක් කන්ද මම කියනෙමි කාට
උන් හිටි තැන පවා නැතිවී ගිය දාට
දෙවියන් පවා බැලූවේ ගන්නයි භාර

වාසි කලට සිටි අය අද නැහැ යාළු
මම බළලෙක් වගෙයි කෑ කුම්බල මාළු
කරුමය සිටින තෙක් මා ලඟ නැහැ පාළු
ගොඩයමු දිනෙක වාගේ මඩ මැද ඕලු

පින් පවු බලා වැඩ කෙරුවා වැඩි හින්දා
හැම පැත්තකින් ලැබුනේ විතරයි නින්දා
ප්‍රථිපල නැති වුනත් දැරුවෙමි දුක් කන්දා
දක්කනු හිතයි මට මා බානක බන්දා