Voice & Melody – Sachitha Suduge
Lyrics – Hashan Gunasekara

ලස්සන ෆ්‍රැන්ටසි පුපුරා, රියලිටියට එන්න මෙදා,
තනිවෙන්නට ඇයි බියවෙන්නේ ලයිෆ් එක හරි සැපයි මචාං…

පහුවුණු දවසට අඩලා, මග එන හෙට ගැන හිතලා,
ලැබුණු මොහොත ඇයි නොවිඳින්නේ
ලයිෆ් එක හරි කෙටියි මචාං…

ගියපු ගෑණු මතක් වෙලා, මැරුණු මිනී ගොඩට ගෙනා
තවත් ගෑණු ඉන්නවා අද ලෝකේ
ලයිෆ් එක ගෑණු නෙමෙයි මචාං…

සල්ලි වලට වහල් වෙලා, සෙට්ල් වෙන්න ඕන වෙලා
හැමදාමත් ඇයි විදවන්නේ
උඹේ සතුට, උඹයි මචාං…