* වර්ෂ 2011ක් වූ මාර්තු මස මුල දිනයක සිදුවූ සිදුවීමක් * * *

එදා උදේ පාන්දර මම ඇහැරුනේ ෆුල්ම කික් එකෙන්. වෙනදාට අඳින සුදු ඇඳුම නැතිව ෆෝටකුයි ටී ෂර්ට් එකකුයි ඇඳ ගත්තේ දවසේ අවධානම ගෙන හොඳින් දන්න නිසා. පරණ නොකියා ෆෝන් එකකට සිම් එක දාගෙන, රුපියල් 150ක් විතර ගුලි කරන් කාමරෙන් එළියට ආපු මාව දැක්ක අම්මා දැම්මේ සවුත්තුම බැල්මක්.

“හැටි විතරක් ත්‍රස්ථවාදියෙක් වගේ.” අප්පච්චි එහෙම කිව්වත් රාජගිරියෙන් මාව බස්සන්න අමතක කලේ නැහැ.

වෙලාවත් හරි. චරියා දැන් පිටත් වෙලා ඇති කියන උපකල්පනේට මම කෙලින්ම බස් එකේ ගියේ රේස් කෝස් එක හරියට. වෙනදාට ඉස්කෝලේ ඇතුලට යන ළමයි ගොඩාරියක් අද යන්නේ රේස් කෝස් එක පැත්තට. ඇතුලට යන සුදු ඇඳුම් එලියට ඉන්නේ මම වගේ ත්‍රස්ථවාදී වෙලා. ටික වෙලාවකින් සුපුරුදු විදිහට චරියාත් ආවා අන්තිම මොහොතට ඔන්න මෙන්න තියලා.

අපේ සෙක්ෂන් එකේ හෙණ සෙට් එකකුයි, පොඩි උන් රෑණකුයි එක්ක හැමෝම Independence Square එක පැත්තට ගියා. එතන ලොකු මීටිමක්. Prefect අයියලා දෙන්නෙක් තමයි වැඩේ ලීඩ් කරන්නේ.

“උඹලා එකෙක්වත් චන්ඩි වගේ ඇතුලට පනින්න එපා ගිය ගමන්. සේරමලා එකට පලයං. අපි දවල් වෙලා උඹලා අල්ලන්න වගේ ඉන්නම්. කලින් පාර ආනන්දේ උන් වැඩේ චොර කරපු හින්දා පොලිසිය මේ පාර අනිවා ගුටි පූජාවක් දෙනවා. ඒ නිසා පරිස්සම් වෙයන්. පනින්න බැරි වුණා කියලා චාටර් ඉස්කෝල වලට එහෙම පනින්න යන්න එපා මෝල් කාරයෝ වගේ. උඹලාගේ දෙන්නෙක් ලීඩ් කරපං. දෙපැත්තෙන් පැන්නාම අල්ලගන්න අමාරුයි. “

කොටි කඳවුරකට ගහන්න යනවා වාගේ ප්ලෑනක් දීලා ඒ අයියා යන්න ගියා. මගේ හොඳ මිත්‍රයෙක් වෙන අද රටේ වැදගත් ඇඩ්වර්ටයිසින් සමාගමක අයිතිකාර කොට එකෙක් තමයි අපේ සෙට් එක ලීඩ් කලේ.
හැම එකාම වාහන වල නැගලා LC එක පැත්තට යන්න පිටත් වුණා. අපිට ඉතින් වාහන නැහැ. අපි වාහන පස්සේ LC එක පැත්තට ඇවිදගෙන ගියේ පළවෙනි කඩා පැනීමෙන් පස්සේ බයටම සෑහෙණ ප්‍රමාණයක් හැලෙන නිසා එතනින් එහාට වාහනයක යන්න ප්‍රශ්ණයක් නැති වෙන හින්දා.

මෙන්න අපි යද්දි අපේ ඉස්සරහාට එනවා අද කොළඹ කැම්පස් එකේ ඉගෙන ගන්න මගේ යාළුවෙක්. බුවා සඟ දාලා, බීච් ෂෝටක් ගහලා, ෂුල් සුවඳ ගහගෙන තමයි ඇවිත් තියෙන්නේ.

“යකෝ මූ ඇවිත් තියෙන්නේ LC එකේ නවතින්නද කොහෙද?” වෙන පන්තියක එකෙක් කියාගෙන යනවා මට ඇහුණා.

දැන් සේරමලා එකේ තාප්පේ වට කරලා. පිටින් කිසිම හැල හොල්මනක් නැහැ. එක පාරටම අනිත් පැත්තෙන් සංඥාවක් ආවා එහෙත් රෙඩි කියලා..

“පැනපාාාාoo…….”

කියන වචන ටික ඇහුනා විතරායි අවුරුද්දක් තිස්සේ තියන් හිටපු සේරම දහිරිය ඇඟට අරන් හැම එකාම තාප්පෙන් පැනලා ඇතුලට දිව්වා. එහා පැත්තෙන් “ආර්ර්ර්….ඕඕඕ…..” ගාලා සද්දෙත් පටන් අරන්.හැබැයි අපේ පැත්තේ වැඩි දුරක් දුවන්න ලැබුනේ නැහැ. ඉස්සරහින්ම ගිය එවුන් ටිකක්,

“දුවපාාාාාං…. පොලිසියෙන් එනෝනෝනෝ….” ගාලා හැරිලා එන්න ගත්තා. එන සෙනග අතරින් මට පෙනුනා අලි පොලු වගයක් අරන් වන වන එන පොලිසියේ සෙට් එකක්. චතුරංගිනී සේනාව ගහන්න පන්නද්දී දුවන වැදි හමුදාවක ෂොට් එකක් තමයි එතන ෂූට් කලේ. තාප්පේ යට තියෙන කැමරාවෙන් සෑහෙණ කඩුලු පැනීමේ ෂොට්ස් ටිකක් දැක ගන්න ලැබුණා. එළියට ආව ගමන් පට පස්සෙන් ආව එකා දිහා මම බැලුවා. අර කැම්පස් බුවා. ඩයල් එක රන්ජා වගේ තාප්පෙට කකුල තියලා අනික් කකුල ඉස්සුවා විතරයි “චරාාාස්” ගාලා උගේ වටිනා වස්ත්‍රය විදාරණය වුණා. එහෙමම ඌව ඇදලා ගත්ත මම දැක්කා අපේ මැත්ස් කරපු තව චරිතයක් තාප්පෙන් එබිකම් කරනවා.

මූ දුවන්නේ නැතිව මොනා කරනවාද බලන්න මමත් නැවතුනා.

“අයියේ… අයියේ… අංකල්.. අංකල් හෝව් හෝව් “ගගා මූ ඇතුලේ ඉන්න පොලිස්කාරයින්ට කතා කරනවා..

“තොපිට පල කිව්වා නේද? ඔතනට ඇවිත් කුදලං යන්න කලින් පල යන්න” යකෙක් වගේ පොලිස් කාරයෙක් ඇතුලේ ඉඳන් තග දැම්මා.

“අනේ අංකල් ඔතන බාටා එකක් වැටිලා ඇති. පොඩ්ඩක් දානවාද? කැරිම සිද්දිය අංකල්. මෙවෙලේම ගැලවුණානේ..” ඌ ඒක නිකම් එදිනෙදා වෙන දෙයක් ගාණට දාලා කියද්දි පොලිස්කාරායාගේ මූණේ ඇති වෙච්ච හැඟම මට වචන වලින් විස්තර කරන්න බැහැ.

ඩයල් එක රවාගෙන ආපස්සට යන්න ගියා. අරුයි මායි ආපහු හැරෙද්දිම අපිටත් උඩින් උගේ සෙරෙප්පුව අපි ගාවටම වැටුනා. ස්තූති කතා කරන්න වෙලා නැති නිසා ආයිමත් අපි අපේ සෙට් එක හොයාගෙන යන්න පිටත් වුණා.

අපේ උන් ඊට පස්සේ යන්න තීරණය කලේ BC එකට. අස්සේ අස්සේ පාරවල් වලින් ගිහින් ඒක ලඟට යද්දි මෙන්න පොලිසියෙන් පස්සං ආවා. මායි අපේ යාළුවෙකුයි අද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල තලයක් දරණ යාළුවෙකුයි වෙනම තනි වුණා. ගෙදරක් අස්සට වෙලා හැංගිලා හිටපු අපි ආයි පාරට ආවාම මෙන්න අපේ Truck එකක් තියෙනවා නවත්තලා දෙයියො බැලුවා වාගේ. දුවගෙන දුවගෙන ගිහින් අර ගුවන් හමුදාවේ පුද්ගලයා Truck එකට පැන්නා නිකම් රැම්බෝ වගේ.

“ඇදපං ඇදපං. පස්සෙන් පොලිසිය එනවා. පාගපාාාං…”ගාලා කෑ ගහලා පස්සේ ඉඳන් Driving Seat එකට කතා කරන්න තියෙන කවුලුවට මූ ගැහුවා. කවුලුව ඇරලා පොලිස්කාරයෝ දෙන්නෙක් අරූ දිහා හරි උපහාසයෙන් බලද්දි Truck එකට නගින්න හදපු මායි මගේ යාළුවායි හැරිලා දුවන්නේ ඇයි කියලා ඌට තේරුණා නම්, අද ඌ ගුවන් හමුදාවේ තවත් ඉහල තැනක ඉන්නවා.

ඊට පස්සේ අපිට ගොඩක් උන්ව මග ඇරුණා. අන්තිමට මමයි පොඩි උන් සෙට් එකකුයි තමයි ඉතිරි වුණේ. උන් ටිකත් එක්ක මම ටවුන්හෝල් පැත්තට ඇවිදන් යද්දී චරියා තව පොඩි උන් ටිකක් එක්ක එනවා. අපේ සේණාංක දෙක එකට එක්වුනේ ටවුන්හෝල් පැත්තය යද්දියි.

අපි යද්දි ටවුන්හෝල් එක වටේටම ආනන්දෙයි නාලන්දෙයි කොඩි දාලා කණු වල. මායි චරියායි, පොඩි උන් ටිකකුයි එ්වා සේරම ගැලෙව්වා. ඊට පස්සේ SBC එක වටේ කැරකිලා මියුසියස් එකට ආවා. එහෙම ඇවිත් එතනත් වැඩක් දෙන්න යනකොටම මෙන්න පොලිසියෙ ට‍්‍රක් එකක් ඇවිත් නැවැත්තුවා. කව්ද එකෙක්

” දුවපාංං……””

කියනවා විතරයි ඇහුනේ.. උසේන් බෝල්ට් දැක්කානම් අපි දුවපු දිවිල්ල, ශුවර් මිනිහා අපිට ඉඩ දීලා අයින් වෙනවා. රොස්මිඞ් එකේ ඉඳන් බාර්න්ස් එක වෙනකම් දිව්වා. අන්තිමට මාව තනි වුණා. වෝර්ඞ් ප්ලේස් පැත්තට දුවගෙන ආවා. මෙන්න පාරෙ යන කාර් එකක් ස්ලෝ කලා මගේ ගාවින්,

“මල්ලි මොකෝ සීන් එක”” වාහනේ ඇතුලෙ හිටිය ටයි එකක් දාගෙන ස්පයික් කරපු පොරක් අහුවා.

” ආච්චි ලොකු ළමයෙක් වෙලා.. මේ එ්කෙ පාටියට දුවනවා, ඇයි එන්නද ?” කියලා අහන්න හිතුනත් මං ශේප් එකේ

“ට‍්‍රකින් ගිහින් අයියේ” කියලා ආයි දුවන්න ගත්තා.

ඇයි යකෝ පොලිසිය පස්සෙන් එද්දි අරම කරුම ප‍්‍රශ්ණ අහනවාද ? ඌ එහෙම්මම යන්න ගියා. පිටිපස්සෙන් ජිප් එකක් එන සද්දෙත් ඇහෙනවා. ට‍්‍රැෆික් එක පැත්තට මම දාගෙන දිව්වා. මෙන්න එතන අර වාහන කාරයත් ඉන්නවා..

“මල්ලි නගිනවා ඇතුලට…”” ඌ කතා කලා.. කුමට කතාද, මාත් ඩෝං ගාලා ඇතුලට පැන්නා.

“මුලින්ම කියනවා තමුසෙ මොන ඉස්කෝලෙද ?”” ඇතුලෙ එකෙක් ඇහුවා.

“රෝයල් එකේ අයියේ… අයියලා මොකේද ?”

“ආහ්… මම ජෝස් එකේ, මෙයා තෝරා, අර අංකල් කලම්බෝ ඉන්ටර්නැෂනල් . තමුසෙලා මාර වැඩනෙ කරන්නේ. පැන්නද ඇතුලට ?” ඌ නිකම් වැලක් බලනවා වගේ ඇහුවෙ.

” නෑ අයියෙ, පොඩි ආතල් එකක් ගන්න යද්දිමනෙ පොලිසියෙන් පැන්නෙ”

“අපි.. ඔයාව බොරැුල්ලෙන් දාන්නම්. එතනින් ගෙදර යන්න ඕවට පැටලැවෙන් නැතිව” අනිත් ලොකු පොර මට කිව්වා..

වෙලාවෙ හැටියට උන් කලේ ලොකු උදව්වක්. කට පිරෙන්න තෑන්ක්ස් කරලා මං බොරැුල්ලෙන් බැස්සා…. කම්ප්ලෙක්ස් එකෙන් බෑග් එක අරන් ගෙදර යන්න කියලා හිතන් මං පාර දිගේ ආවා. එද්දි ගමෙන් ආව අංකල් කෙනෙක් එක්ක ටෝකක් දදා ආයිමත් විජේරාම පැත්තට ආවා. මෙන්න චරියායි, තව පොඩි එවුන් දෙන්නෙකුයි එනවා…පස්සේ උන් එක්ක සෙට් වෙලා අපි ඉස්කෝලෙ පැත්තට ඇවිදින්න ගත්තා. අපේ කරුමෙද නැත්තම් ගොන්කමද දන්නෑ.. ආයි ගියේ මියුසියස් එක පාරෙන්. මෙන්න,

“බ‍්‍රාාාාාාස්….. “ගාලා පොලිස් ජිප් එකක් හරස් කරලා නැවැත්තුවා. අපි දිව්වෙත් නෑ ඉතිං දැං වැඩ ඉවරනේ කියලා. තරු 5ක් විතර ගහගත්ත හඳෙන් බැස්ස එකෙක් වගේ පොලිස්කාරයෙක් වාහනෙන් බැස්සා…

” කොහෙද මේ කල්ලි ගැහිලා යන්නේ….? “

“අංකල් අපි මේ බිග් මැච් එකට ඇඞ් හොයන්න යනවා..” අපේ පොඩි එකෙක් කලිසම අස්සෙන් ගත්ත පරණ සිතියමක් වගේ ඇඞ් කොලේකුත් පෙන්නලා අරූට කිව්වා..

” හම්.. දාඩියත් දාගෙන ඇඞ් හොයනවා නේ… යං පොලිසියට.. දෙන්නම් ඇඞ් එකක්..” කියන ගමන්ම මගේ පිටිපස්සේ හිටිය කෙට්ටු පොලිස් අයියා කෙනෙක් මාව අල්ල ගත්තා.. උගෙ සයිස් එකට දෙපාරක් වැනුවා නම් ඌ බිම. එ්ත් අවුලක් නෑනේ.. අනික ලාස්ට් ඉයර් එකේ ට‍්‍රකින් ගිහින් පොලිසියට අහු වුණා කියන්නේ මාර ආතල්නේ.. මායි චරියායි දෙන්නම එකටනේ. අනික එතම සීනියර්ස්ලා දෙන්නා ඌයි මායි විතරයි. ඔන්න දැන් කට්ටියට ජීප් එකේ දාගෙන අරන් යනවා.

“මෙතනින් කව්ද 13 වසරේ ඉන්නේ ” තරු දාපු බුවා ඇහුවා…

මායි චරියායි ඉතින් අත ඉස්සුවා.

“තමුසෙ බොරු කියන්නෙපා… තමුසෙ කොහෙද 13 වෙන්නේ ?” උං මගෙ දිහා නිකම් කන්න වගේ බලන් ඇහුවා.

“එහෙම කියන්නෙපා අංකල්, අනික මේ පොඩි උන් ඉස්සරහා කිව්වාම චාටර්නේ….” මං ශේප් එකේ කියලා දැම්මා. බුවාට පොඩි හිනාවක් ගියා…

“දැං කියනවා බලන්න ඇයි ඔය ඉස්කෝල වලට පනින්නේ කියලා.. මොනාද අයිසේ.. නිකං කෙල්ලන්ගේ අම්මලා අපිට කෝල් කරනවා තමුසෙලා ඉස්කෝල වලට පනිනවා කියලා.. වැඩක් නැද්ද තමුසෙලාට”

“මේකනේ අංකල් සීන් එක.. අපේ තාත්තලාගේ කාලේ ඉඳන් ඔහොම ඉස්කෝල වලට පනිනවානේ.. ඉතිං ඔය ඇන්ටිලාත් බැඳලා තියෙන්නේ ඔහොම පනිද්දි සෙට් වුණ අපේ අයවම තමයි. උනේගේ ජීවිත විනාස වුණ හින්දා බය ඇති දුවලාත් එහෙම වෙනවාට..” පොලිස් ජීප් එකේ වුණත් ඉතින් අපි බය නෑ කියලා පෙන්නන්න මම කිව්වා… යන්තං සෙට් එකම හිනා වෙන්න ගත්තා..

ඊට පස්සේ චරියාත් උගේ හාලි කට අරින්න ගත්තා.. අපි දෙන්නා ජීප් එක කෝලම් මඩුවක් කලා. එ්කේ හිටපු අවරුදු 40 පැනපු අංකල්ලා ටික මාරෙට ෆිට් වුණා අපි දෙන්නාට. කොහොම හරි මං මොකක් හරි කියන්න යද්දී, අර මාව අල්ලගත්ත කෙට්ටු එකා.

“වහපිය කැරියා කට…” කියලා මට බැන්නා.

අපිව ඇතුලට අරන් කූඩුවට දැම්මා. අපේ උන් 25ක් ඇතුලේ. තව සැක පිට ගත්ත හෙණ අපරාධකාරයෝ 3කුත් ඉන්නවා එ්කේ.. කූඩුවකට ආව මුල්ම පාර හින්දා චරියායි මායි ඇතුලෙ පරීක්‍ෂා කලා. එ්කෙ කූරු තියෙනවා 11ක්. ටොයිලට් එකත් එකටම තියෙන එක තමා අවුල. පොඩි උන් සේරම බය වෙලා.. කඳුළු පුරෝගෙන ඉන්නවා.. චරියාට බඩගිනි වෙලා… මට හුස්ම ගන්න බෑ කොට හින්දා.. මං කොහොම හරි කූඩුවෙ දොර ගාවට ආවා හුස්ම ටිකක් ගන්න. අර කෙට්ටු එකා ඉන්නවා එතම.. මූ මගේ දිහා ආදරෙන් බලලා..

“මොනවාද ඕනේ..? වතුර ඕනෙද” කියලා ඇහුවා…

“නෑ… පුක පොඩිඩක් දෙන්න බැරිද ?” කියලා අහන්න හිතුනත්, “වතුර දෙන්න අයියේ” කියලා කිව්වා.
බුවා වතුර බෝතලයක්ම අරන් ඇවිත්, මං කියපුවහම කූඩුවෙ දොරත් ලාවට ඇරලා තිබ්බා හුස්ම ගන්න. ඊට පස්සේ පොඩි උන්ව අප් කරලා ගන්න චරියායි මායි කලින් පාර ට‍්‍රකින් ආව සීන් කිය කිය උන්ගේ බය නැති කලා.

ටික වෙලාවකින් පොලිස් කාරයෝ දෙන්නෙක් ඇවිත් කුරුඳුවත්තෙ උන්ට මොනාද කිව්වා. බැලෙන්නම් ජජ් කෙනෙක්ගේ පුතෙකුත් ඉන්නවා අපි එක්ක. දැන් ඉතින් බය නෑ… මොකද අපිට අතුරු ආන්තරාවක් නෑනේ… ඔහොම අපි ඉන්දි පොලිසියෙ උන්ට හෙණට වැඩ.. අපිට වෙනම දාන්න එහා කූඩුව අස් කරනවා, දවල්ට කන්න දෙන්න කෑම ගේනවා.. සැරෙන් සැරේ වතුර පුරෝනවා අපිට. ඔහොම ඉන්දි අර ජජ්ගේ පුතාව අරන් ගියා උන් ඇවිත්. දැන් අපිට සඟ සරණයි. දැනුම් දෙන්න ඕනෙ අංකෙට මම නිරෝගේ (මගේ cousin අයියා) නම්බරේ දුන්නා. පස්සේ අපිට දවල් කෑමට අරන් ගියා.. අපෝ.. එ් කෑම එක හද්දම චාටර්.. මෙලෝ රහක් නෑ… චරියා නම් මගේ මාලූ කෑල්ලත් අරගෙන කෑවා..

“අංකල්, ඔයාලා අපිට සැලකුව හින්දා අපි තීරණය කලා අනිත් දවසේ ඉඳන් මෙහෙට අපේ කැන්ටින් එකෙන් කෑම එවන්න” චරියා එකෙක්ට කිව්වා…

“එ්ක හොඳයි පුතා.. අපිටත් එපා වෙලා ඉන්නේ..” හිනා වෙවී බුවා කිව්වා…

ගොඩක් උන් මාරම හොඳයි.. එයාලා කියනවා,

“මහා අපරාධ කරපු උන් නෙමෙයිනේ.. පොඩි එවුන්නේ… මුන්ට සැර කරලා වැඩක් නෑ. අපේ ළමයිනුත් ඔය කාලෙදි මෙහෙම දේවල් කරයි. ” කියලා.. ඇත්ත කතාව.

අපිව ආයි කූඩුවට දැම්මා. එ් පාර එතන ඉන්න තව ලොකු එකෙක් ආවා කූඩුව ගාවට…

“ආහ්… All….All.. are Royalists ” බුවා කඩු පාරක් ගැහුවා ස්රුංංං ගාලා

’ I will…. I will… Inform… inform to the school පටන් ගත්තා හොඳ වුණාට මුගෙ කඞ්ඩ අවුල්. අපේ එවුන්ගේ කැත කමනේ.. මොකෙක්ද එකෙක්.. “බ්රුස්…” ගාලා හිනා වුණා.. අරූ ආවාට වඩා වේගෙන් ගියා ගියාමයි.. පොරව දැක්කෙත් නෑ අද වෙනකම්…ඔය අතරින් පතරේ අර කෙට්ටු බුවා.. ( උගේ නම සුරංග) ඇවිත් කතා කර කර ඉඳලා ෆන් එකේ ඉඳලා යනවා. ඊලඟට අපිව නිල වශයෙන් පොලිසියට බාර ගන්න ඕනේ ලියවිලි හදාගන්න අරන් ගියා..

“හෙට්ටිගේ දොන් හෂාන් ගුණසේකර….තමන් සතුව තියෙන දේවල් මේසෙන් තියන්න”

“ආහ්.. මෙන්න අංකල්.. ෆොන් එකයි, රුපියල් 65යි, ලේන්සුවයි” මම කිව්වා.

“ජංගම දුරකතනයේ වර්ගය හා අංකය…?”

“නොකියා ෆෝන් එකක් අංකල්, වැඬේ කියන්නේ කලින් පාවිච්චි කරපු එකා මේකේ ස්ටිකර් එක ගලෝලා.. මාත් දන්නෑ නම්බර් එක.” මං කියද්දේ උගේ මූණේ හිනාවක් ගියා…

“චරිත සසංක දයාරත්න…තමන් සතුව තියෙන දේවල් මේසෙන් තියන්න”

මූ නිකම් දියවඩන නිළමේ වගේ ඇවිත්, රුපියල් දෙකක් මේසේ උඩින් තිබ්බා… හැමෝටම මැරෙන්න හිනා…

“පුතා, මේක පොතේ ලියන එකත් අපරාදෙ නෙ.. එ් කොලෙත් වටිනවා රුපියල් 5ක් විතර, මේක යාළුවාගේ එකටම දාලා රු. 67ක් කියලා ලියන්නද??” එ් අංකල් හිනා වෙවී ඇහුවා..

“එපා එපා අංකල්.. මූ ඊට පස්සේ ඕකත් උගේ කියලා අරන් යයි. මගේ එක සත පහක් දෙන්නෑ මූට..” ඌ ඒක කිව්වේ නිකං උගේ බදුල්ලේ ඉඩමකට මම බලෙන් ඔප්පු හදනවා වාගේ…

“ආහ්… එහෙනම් මේක ලඟ තියාගන්නකෝ…” පොලිස් ලොක්කා එ්ක ඌටම දුන්නා හිනා වෙවී.. දෙද්දිම එ්ක වැටිලා රෝල් වුණා.

“අයියෝ.. මගෙ සල්ලී…..” ගාගෙන චරියා එ්ක පස්සේ දුවන්න ගත්තා..

හැම අස්සේම එ්ක හොයන්න ගත්තා.. එ්ත් එ්ක හම්බුනේ නෑ… ආයි අපිව කූඩු දෙකකට බෙදලා දැම්මා. චරියාවයි මාවයි දැන් හෙණට නෝට් උන්ට. එක එක උන් ඇවිත් කතා කරලා යනවා.. අංකල්ලා එහෙම මාරම ෆිට්. චරියායි මායි එහා කූඩුවේ ඉන්න පොඩි උන්ට කතා කරනවා හෙණ හයියෙන්.. දෙපාරක්ම ඇවිත් සද්දේ අඩු කරන්න කියලා ගියා.. ඊට පස්සේ ඌයි මායි ලේන්සුව ඔතලා කැච් ප‍්‍රැක්ටිස් කලා. එකම පිස්සුවයි එතන. ඊලඟට මෙන්න අක්කලා දෙන්නෙකුයි, බුවෙකුයි ආවා.. හිර කූඩුව මැනලා එ්කට දොරරෙදි දාන්න තමයි ඇවිත් තියෙන්නේ… පස්සේ අපි දෙන්නා කූඩුව ගාණට මැනලා දුන්නා..

“කට උත්තර ගන්න හැමෝම උඩට අරන් එන්න” එතන හිටිය කොණ්ඩෙ කොටට කපපු ලොකු බුවෙක් ඇවිත් කෑගැහුවා.

“කට උත්තර දෙද්දි මටම දෙන්න, අර මහත මල්ලිටත් කියන්න” සුරංගයා හොරෙන් ඇවිත් කිව්වා.
මොනා වුණත් කුරුදුවත්ත පොලිසියේ උඩ තට්ටුව මාරම ගති. වටේම පේනවා. අපි ඇවිද ඇවිද හිටියා. ඔන්න මගේ කට උත්තර ගන්න වෙලාව. ගියා සුරංගයා ගාවට.

“ආහ්.. මූ තමයි සිල්වා මිසී මම කිව්වේ අර එපා කරපු එකා කියලා ” මාව පෙන්නලා ටිකක් වයස ඇන්ටි කෙනෙක්ට කිව්වා. එ් ගෑණිත් හිනා වෙලා ලඟට ආවා.. දැන් එතන බාගයක් මගේ කටඋත්තරේ ගන්නවා බලන් ඉන්නවා…පෙන්නන්නම්කො උඹලාට හොඳ ෂෝ එකක්…

“කොහොමද ලියන්න ඕනේ.. ඉස්කෝලෙකට පැනලා කෙල්ලන්ගේ ගෙඩි මිරිකුවා කියලාද” සුරංගයා ඇහුවා..

“ඇයි සුරංග අයියා දැක්කා ද?” මම ශේප් එකේ මගඇරියා.

“පවුලේ එකම දරුවාද?”

“මං දන්න තරමින් නම් මං විතරයි, අම්මාගෙනුයි, තාත්තාගෙනුයි ඇහුවොත් අංකය වෙනස් වෙන්නත් පුළුවන්” මම කියලා දැම්මා…

සේරම උන් හිනා වෙන්න ගත්තා…

“පොලිසිය ගෙන පැමිණිලි තියෙනවා ද?”

“දෙන කෑම ගෙන මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ… එ්වා කටේ තියන්න බෑ…

කූඩුවේ ටොයිලට් එක වෙනම හදන්න, අපේ එ්වායේ ගඳ අපිටම එනවා. හොඳකුත් කියන්න ඕනේ. පොලිසියේ අය මාරම ගති.. මාර ෆන්.. අපි ආයි එන්න ආසයි” කියලා මං කිව්වා.

කොහොම කොහොම හරි, මෙන්න මෙහෙමයි එ්ක ලියවුනේ…

’මනහර ප‍්‍රින්ටර්ස් අධිපති, හෙට්ටිගේ දොන් මහින්ද ගුණසේකර මහතාගේ පුත‍්‍රයා වන, හෙට්ටිගේ දොන් හෂාන් ගුණසේකර වන මම, කොළඹ රාජකීය විද්‍යාලයේ මහා ක‍්‍රිකට් තරඟාවලියට සහයෝගය දැක්වීම පිණිස මාර්තු 3 වන දින කොළඹ මියුසියස් විද්‍යාලය අසල දී, අනිසි ජන රැුස්වීම, බාලිකාවන්ට උසුළු විසුළු කිරීම, ජය ගෝෂා නැගීම යන වරදවල් වලට මෙයින් වරදකරු වෙමි”

චරියාගෙන් උන් අහලා මේ වැරදි පිලිගන්නවාද කියලා… ඌ කියලා “පිළිගත්තේ නැත්තම් ආයි හිරේ දානවානේ.. එ් හින්දා පිළිගන්නම් කියලා..”

කොහොමින් කොහොම හරි හවස 6 විතර වෙනකම් අපි පොලිසියේ හිටියා. හවස් වෙද්දි එක එකාව ගෙනියන්න ආවා ගෙවල් වලින්. ඉතුරු වුණ අයව ගෙනියන්න ඉස්කෝලෙන් යි ප‍්‍රිෆෙක්ට් අයියලායි ආවා. චරියාව උගේ අයියාත්, මාව නිරෝත් ඇප දීලා බේර ගත්තා. කොහොමින් කොෙහොම හරි මගේ අන්තිම ට‍්‍රකින් එක ඉවර වුනේ ඔය විදිහට.

ඔය සිද්ධි වුණේ අදට අවුරුදු 4කට 5කට කලින්. එදා එහෙම හිටිය ගොඩාක් දෙනා අද හොඳ තැන් වල ඉන්නවා. කවුරු කොහොම කිව්වත්, එදා Trucking ගිය උන් එකෙක් වත් කිසිම පාදඩ වැඩක් කලේ නැහැ. ඉස්කෝලේ යන කාලේ තියෙන කොලු කම් නිසා කරපු ඒ දේවල් තමයි අදටත් අපේ කතා විදිහට කියන්න තියෙන්නේ. සමාජේ ගොඩාක් ඉහල තැන් වල ඉන්න අය පවා ඒ කාලේ මෙහෙම දේවල් කරලා තියෙන්න ඇති. සමාජයේ ගොඩක් දේවල් නිසා අද තමන් ගෙන අමතක වෙලා තිබුණත්, එදා ඉස්කෝල වලට පැනපු ඒ කොල්ලා තමන්ගේ හිතේ තාමත් ජීවත් වෙනවා කියන එක තේරුණා නම් ලොකුම දෙයක්.

ගොඩාක් දෙනෙක්ට මේ ක‍්‍රියාව වැරදි විදිහට පෙන්නන්න පුළුවන්. මම දැක්කා ලඟදී “Big match is not a big deal” කියලාත් ගොඩාක් දේවල් ලියවිලා තියෙනවා. ඒ අයට මම කියන්නේ තමන් අත් නොවිඳපු දේවල් ගෙන කරුණාකරලා විවේචනය කරන්න එපා කියලායි. මොකද දිව කපාගෙන උණත් දැලි පිහියෙන් කිරි කාපු එකා දන්නවා ඒකේ තියෙන Trill එකයි රසයයි. අනික් කවුරු මොනවා කිව්වාත්, යකඩ වැටවල් දාලා පාරට STF එක දැම්මාත්, Trucking නවතින්නේ නෑ කියන එක මට විස්වාසයි