මුඛරි කටවල් සාරි ඇඳගෙන
ඇද කියයි වට පිට බලා
ෆොටෝ එකකට හිනා වීගෙන
කොනිත්තයි අඹු සැමි පවා

කරපු ගොන්කම් මතක් කරගෙන
පුරයි මධු විත මාමලා
දෙනෝ දාහක් සතුටු කර කර
වටේ යයි මනමාලයා

සෙට් එකක් වට කරන් අම්මා
තෙල ඛෙදයි පුතු ගෙන කියා
මේවා දැක දැක කොහොම කන්නද
ජය මංගලම් මට එපා..