සැප විඳින්නට සල්ලි හොය හොය
රස්සාවකට ගිය නිසා…
බැඳගන්න ගෑණියෙක් බල බල
බස් වලම නැගලා ගියා…

අම්මා මා ගෙන හීන දැක දැක
ගෙදර දොරකට බර වෙලා…
ඉතිපිසෝ ගාථා ටිකෙන් ටික
කියයි හිත හැදියන් පතා…

එකම දේ දින පතා කර කර
අලුත් වෙනසක් වෙයි සිතා…
සිහින දුටු ඒ හිතට බැණ බැණ
අදත් මම වැඩටම ගියා…