උදේම නැගිටින සිරිමත් පුතු අද
අරඹන්නට රෙඩි තව දවසක වැඩ
තේරෙන්නෑ මුට මූ විඳවන දුක
ඌ හිර වී ඇත උගේම උගුලක

ටයි එක දිග තියෙනා තරමකටම
එරිලයි ඉන්නේ ණය ගොඩකට අද
ගත් සැප විඳමින් ඌ ඒ ණය වල
වැලපෙයි ඒ පෙර කල ගොන්කම් ගෙන

පොත පත පාඩම් කරපු එදා උඹ
පන්තියෙ මුල් තැන ගත්තද පෙර දින
අද චාටර් වෙයි බිමට නමා හිස
පන්තියෙ අන්තිම ඇමති පුතුන් ලඟ

මළ හිරු බැස යන කොලඹ වීදි වල
සිරිමත් ඇවිදියි යන මග නොම දැන
දිය කරනට හිත තුල නලියන බර
ගොඩවෙයි වැඩි සැප ඇති බාරයකට

බාගෙට මළ, සිහි නැති මේ සිරිමත්
සැරසෙයි නිම කරනට තව දවසක්
නැගිටින්නට ගසලා අලූ තාමත්
ඉඩ නැත සිටිනා තෙක් වී සිරිමත්