දූලි නගරෙන් නික්මිලා
ගම වටා එක් රොක් වෙලා
සතුටු සිත් වල පිපිණු නිදහස
ලඟයි යන්නට පර වෙලා

කෘතිම ලෝකය විස නිසා
කැලේ වට දෙක තුන ගසා
නිදහසේ හුස්මක් අරන් යයි
කූඩුවක් වෙත ඇති වසා

දවසෙ චක්කරයක් පුරා
කැරකෙනා ජීවිත මරා
සනසවයි සතියකට දෙකකට
අවුරුද්දකම බර දරා

කුණු කන්ද ගෙන කිය කියා
වෙච්ච දුක් මැකි මැකි ගියා
හෙට උදේ හනි හනික දුවපං
මාසෙ පඩි ලඟ ලඟ කියා