මම දකින විදිහට අපි ජීවත් වෙනවා කාල 3ක්. අතීතය, වර්තමානය සහ අනාගතය කියලා. හැබැයි ඇත්තටම බැලූවොත් ගොඩ දෙනෙක් වර්තමානයේ හිටියාට ජීවත් වෙන්නේ අතීතයේ. මේක එක්කෝ වර්තමානයට තියෙන බය. නැත්තම් අතීතයේ හිර වෙලා ඉන්න තියෙන ආසාව. මේක ගොඩාක් වෙලාවට බලපාන්නේ ආදරේ වගේ දේවල් වලදී. කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි තමන්ගේ පරණ ලව් එක වෙනුවෙන් දුක් වෙන එක තමා සිරාම ලව් එක. අපි කව්රු හරි කිව්වොත්,

“අඩෝ අපිත් ලව් කලා. උඹලාට වඩා කටු කෑවා. හැබැයි අද අපි ඒකේ දෙයක් නෑ කියලා තේරුම් අරන් ජීවත් වෙනවා” කියලා, එදාට උන්ගේ විදිහට අපි සිරාවට ලව් කරලා නැහැ.

මමත් ඉස්සර විස්වාස කලා ජීවිතේ සිරාම ආදරයක් එන්නේ එක පාරයි කියලා. ඒ කාලේ ඔය දේ මගේ ඔලුවට ගියේ Kuch Kuch Hotha Hai ෆිල්ම් එක බලලා. ඒකේ කියනවා අපි ඉපදෙන්නේ එක පාරයි. මැරෙන්නේ එක පාරයි. එහෙනම් අපි ආදරේ කරන්නේත් එක පාරක්ම තමයි කියලා. හැබැයි කල් යන්න යන්න. ජීවිතේට කෙල්ලෝ එන්න එන්න මට තේරුනා ඒකත් සාපේක්‍ෂව කෙනාගෙන් කෙනාට වෙනස් කියන එක. හැබැයි දෙන්නෙක් සෙට් වෙන්න නම් හැම වෙලේම තමන්ට වඩා අනෙක් කෙනා ගාව දෙයක් තියෙන්නම ඕනේ කියන දේ නියතයක්. හොඳට හිතලා බැලුවොත් අපි කව්රුත් ආත්මාර්ථකාමී. මගේ දැක්ම අනුව නම් ලෝකේ තියෙන ආදර වර්ග වලින් තමන්ට දෙයක් බලාපොරොත්තු නොවී කිසිම දෙයක් නැතිව කරන එකම ආදරේ තමයි Gay Love එක.

ගොඩාක් දෙනා මට තමන්ගේ ජීවිත වල තියෙන දුක කියනවා. සමරහර ඒවා සමාජයේ පිටින් පේන විදිහට හරිම සුන්දර ආදර කතා. හැබැයි එක පැත්තකින් කියන කතා ඇහුවාම මේ මොන බොරුවක්ද කියන එක හිතෙනවා. ගොඩාක් කෙල්ලෝ අද සෙට් වෙලා ඉන්න කොල්ලා එක්ක ඉන්නේ උගේ තියෙන දෙයක් නිසා. මොකද එ්කි කියන කියන විදිහට ඌත් නටන නිසා. හැබැයි කොල්ලා හිතන් ඉන්නේ මේක තමයි මගේ ජීවිතේ, මේක දින්නා කියන්නේ මම ජීවිතේ වැදගත්ම දෙයක් කලා වගේ තමයි කියලා.

තවත් සමහර ආදර කතා මගදී නැති වෙනවා. ඒවාගෙන් ගොඩාක්ම දේවල් වල කොල්ලා, මේක තමන්ට ජීවිතේටම ලැබුණු එකම චාන්ස් එක. මේකෙන් පස්සේ දෙයක් නැහැ කියලා වැලපෙනවා. හැබැයි කෙල්ල කාලයක් වැලපිලා ඒ දුකෙන්ම අර කලින් කිව්වා වාගේ කියන කියන දේ කරන එකෙක් එක්ක සෙට් වෙනවා, මොකද අඩුම ගානේ තමන්ට කාලා ඇඳලා සන්තෝසෙන් හරි ඉන්න පුළුවන් නේ කියලා හිතලා.
මම චැලේන්ජ් කරනවා අද ඉන්න කපල් වලට. හිතවල් ඇතුලේ පොඩ්ඩක් වත් එහෙම දෙයක් නැතිව, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන ආදරයක් තියෙනවා නම් බය නැතිව මෙතන කියන්න කියලා. දෙනෝ දහක් මට කියයි “නියම ආදරේ නොදැන උඹ බොරුවට කෑගහනවා” කියලා. හැබැයි මම අදටත් කියනවා අපේ ඉස්සර තිබුණ සමාජයේ ඇරෙන්න අද වෙද්දී ඔය කියන සැබෑ ආදර කතා ඇත්තේ නැහැ කියලා.
අපේ ආදර කතා වලදී අපි කාපු ගූ කන්දරාව අනිත් උන් දන්නවා නම් අපිට කොහෙන් හිනා වෙයිද දන්නෑ. වැටෙන්න පුළුවන් සවුත්තුම තැන් වලට අපිත් වැටිලා තියෙනවා. මගේ ජීවිතයේ කෙල්ලෙක් මාව දාලා තියෙනවා පාරේ ඇඳුමක් ඇඳන් යන්න බැරි වෙන තත්වෙකට. එකම වෙනස අපි එ්වායින් පාඩමක් ඉගෙන ගත්තා වගේම අපි ලඟම ඉන්න ටික දෙනෙක්ට ඇරෙන්න එ්වා ප‍්‍රචාරය කලේ නැහැ. හැබැයි අනිත් උන් කියනවා වගේ අපි වැදි බණ දෙසන්නේ නැහැ. උන්ටත් වඩා ලක්‍ෂ ගුණයක් අමාරුවෙන් පාඩම් ඉගෙන ගෙන ගමනක් ආද නිසා තමයි අද මෙහෙම කියන්නේ.

මනියා දවසක් කිව්ව කතාවක් මතක් වෙනවා. “A girl becomes a woman through a physical pain but a boy becomes a man through a mental pain”. ඇත්තටම ඒක මාරම ඇත්ත කතාවක්. අද සමාජයේ ඉන්න කොල්ලෝ බහුතරයක් මේ mental pain එක විඳින්න තියෙන බයටයි කෙල්ලෙක්ට ඔලුව නමාගෙන ඉන්නේ. එදිනෙදා දකින්න ඇහෙන්න ලැබෙන දේවල් වලින් පවා කරන්නේ පිරිමියාට ගෑණු ගති පුරුදු කරලා කාන්තාව තවත් බල ගැනිවීම කියන එකයි මගේ අදහස.

මැතකදී මම එක කෙල්ලෙක්ගෙන් ඇහුවා අපි බඳිමුද කියලා. මේකි මට කියනවා. “I have skills, Leadership skills”. මෙහෙම ඉන්න පුළුවන් නම් කැමතියි ලූ. යකෝ ඒකිගේ Leadership Skills මට මොන රෙද්දකටද? කොල්ලෙක් විදිහට තමන්ට දෙයක් කරන්න පුළුවන් නම් ඇයි තවත් කෙනෙක් අතින් පාලනය වෙන්නේ?? කෙල්ලෙක් ඔය කොච්චර කිව්වත් කවදාවත් කොල්ලෙක්ව තමන් දක්කන් යන එකට ආසාවක් නම් නැහැ. එහෙම ගියත් ටික කාලයක් යද්දී ඒක එපා වෙනවා.

හැබැයි අද මේ පුරුදු කරලා තියෙන සමාජ ක‍්‍රමය අනුව Nice Guys කියන පොන්නයෝ සෙට් එක සැදී පැහැදී සිටිනවා ඕන කෑල්ලක් ලොකු කරලා තියාගෙන බලා ගන්න. ඉතින් අහන්නත් දෙයක්ද උන්ගේ demand එක නළලේ තියෙන එක ගෙන. අද අපිට පෙන්නන දේවල් වලින් සහ ඇහෙන දේවල් වලින් බහුතරයකම තියෙන්නේ පිරිමියාව නෝංජල් ගති ඇති කරන එකම නෙමෙයිද? ඒ කාලේ කොල්ලෙක්ව impress කරන්නයි කොල්ලෝ හැඩ වුණේ. අද යකෝ එක කෑල්ලක් පස්සේ එ්කිව ෆෝම් කර කර යන පොෂාන් ලා සෙට් එකක්ම ඉන්නවා.

කෙල්ලෙක්ට ආදරේ කරන්න. ඒකේ වරදක් මම දකින්නේ නැහැ. හැබැයි තමන්ගේ පිරිම කම තියාගෙන. හිතන් ඉන්නවා නම්, “අනේ මේක තමයි මට ලැබෙන හොඳම කෑල්ල. මොන දුක විඳගෙන උනත් මම මේක එක්ක ඉන්නවා. දැන් අනික වෙන්න ඕනේ කාලේ නේ” කියලා… හිතන්න, තවම ජීවිතේ ගෙවිලා තියෙන්නේ කෝච්චර පොඩ්ඩක්ද කියලා. ආපු දුරත් එක්ක ආපහු හැරෙන්න බෑ වගේ නම් කැලේ කඩාගෙන දුවන්න වෙන පාරක් හම්බ වෙනකම්. එ්ක සැපයි වැරදි පාරේ යනවාට වඩා. පරණ කෑල්ල, පරණ කොල්ලා වෙනුවෙන් බලාගෙන අතීතයේ ජීවත් වෙනවා නම් කරුණාකරලා අලූතෙන් දෙයක් පටන් ගන්න එපා. මොකද මම ඔයාට කැමති වුණේ ඔයාගේ පරණ ආදර කතාව අහ අහා ඔයාගේ දුක නැති කරන්න නෙමෙයි.

කාලා විසික් කරපු චුයින්ගම් එකක් කොච්චර රස වුණත් ආයි කටේ දාගෙන හපන්නේ නැහැ වගේම තමන්ගේ ආදරයටත් ප‍්‍රතිපත්තියක් තියාගන්න. ඉන්න සේරම අය නරකයි මම මගේ Soul mate එනකම් ඉන්නවා කියලා ඉඳලා වර්තමානයේ ජීවත් වෙන එක අමතක කරන්නත් එපා. කවදා හරි තමන් පිරිමියෙක් කියලා තේරුන දවසකට පුළුවන් වෙයි හරියන කෙල්ලව තෝරා ගන්න ගේමක් නැතිවම. හරි හමන් කෙල්ලෙක් උන දවසට කෙල්ලෙක්ට වුණත් එ් දේ පුළුවන් වෙයි. අන්න එදාට අර Nice Guy කියන පොන්නයෝ සෙට් එකට යන එන මං නැතිවෙනවා බලන්න මම ආසාවෙන් බලාගෙන ඉන්නවා.