දිනය : ඔක්තෝබර් 15
ස්ථානය : ආරක්ෂක හේතූන් නිසා නොපවසමි
මාගේ බ්ලොග් එක කියවන බොහෝ දෙනෙක්ට මෙහි කක්කි හා සම්බන්ද කතා රාශියක් ඇති බව මතකයේ ඇතිි බව මම විශ්වාස කරමි. කක්කි සහ මා අතර ඇත්තේ දිගු සම්බන්දයකි.
අද උදෑසන ආහාරය අවසානයේ කෙවිනා වැසිකිලියට දිව ගියේ උසේන් බෝල්ට් පරදවමිනි. දොර වසාගන්නටත් පෙර කෙවිනා නැවතත් පෙරලා ආවේය ඉතාම සංයමයෙනි. මෙතරම් ඉක්මනින් කෘත්‍යය අහවර කරන්නට නම් මූට විශාල අරයක් සහිත පිටවීමක් තිබිය යුතුය.
“මචං. We have a small issue in the room. ” කෙවිනා පවසයි.
අතේ ඇති ජෑම් ආලේප කර තිබූ පාන් පෙත්ත පිටින්ම මා කෙවිනා සමග පිය නැගුවෙමි. කෙවිනා මා හට වැසිකිලියේ දොර විවෘත කර දුන්නේ ස්වර්ග රාජ්‍යයට දොරටුව විවර කර දෙන්නාක් මෙනි.
අහෝ… එය උතුරා ඇත. බුබුළු දමමින් නැගෙනා Poop (කඩ්ඩෙන් කියනා විට ජරාවක වුණත් පොඩි කියුට් ගතියක් දැනෙයි) වැටෙන්නට ආසන්නය. දැන් මාගේ සිතේ ඇත්තේ කුකුසකි. මේවා මුගේ ඒවා නම්, මා මෙයට අප්‍රිය භාවය ප්‍රකාශ කිරීම යහපත් නොවේ. සන්සුන්ව සිතිය යුතුය. මා පාන් පෙත්තෙන් කෑල්ලක් කෑවෙමි. කෝකටත් කියා ෆලෂ් බොත්තම එබුවෙමි.
කිරි මුට්ටියක් හතර කොණට ඉතිරීම සුබය. මේ ඉතිරීම නම් සුබ නැත. මා වැසිකිලියෙන් නික්මුනෙමි. කෙවිනා කිසිවක් පවසයි. මූ මා අමතන්නේ මේ මාගේ Poop නිසා මා අපහසුතාවයකට පත් නොකරන තාලයකිනි.
“බ්‍රෝ, This is not my shit. I’m constipated and I didn’t have any lettuce for last couple of days.” මම පැවසූවෙමි.
ඇතිවූයේ දිගු නිහැඩියාවකි. තවත් දුරටත් අප රගපෑ යුතු නැත. අපි දෙදෙනාම මුහුණ ඇඹුල් කරගත්තෙමු. මේ නාදුනන්නෙකුගේ ජරාවක් ය. ඛෙට්ටක් වුවත් තමන්ගේ කෙනෙක්ගේ යැයි හැගෙනතාක් කල් අප්රියාවක් නැති හැටි.
අපිි දෙදෙනා සියල්ල නැවත සියල්ල අළුතින් අරඹන්නට වෙනත් කාමරයකට පිවිසුනෙමු. උඩු මහලේ ලක්මි සිටියි. අනෙක් පස මහලේ මොහාන් අයියා සිටියි. අපට එකිනෙකා නොපෙනෙයි. දෙදෙනාම අපට කෑ මොර දී හායි කියනවා ඇසෙයි.
අපට ආහාර රැගෙන එන්නේ පිටසක්වල ඇඳුම ඇඳගත් ජනක ය. ජනකයා ආතල් එකෙකි. ඌ අනෙක් අය මෙන් අපි කෙරෙහි බය නැත. ඌ අප හා සමග වචන කිහිපයක් හුවමාරු කරගනියි. මෙතැනින් ඒහා මෙයා යන බල්ලාගේ නම් උශ්ණය වැඩිය. මූව නොදැනත් අපි ආදරයෙන් කතා කලත් මූ අපිට ඈතට යන්නේ අපෝ මෙන්න කොරෝනා සෙට් ඒකක් වැනි මාන්නයකිනි.
දැන් නම් දවස යහපත්ය. තව නරකක් විය නොහැක. එක වරම කෙවිනා නැවත මා වෙත ආවේය.
“මචං, Why is everyone keep sending me some note of yours?” කෙවිනා ප්‍රශ්ණ කරයි.
හොඳ වෙලාවට මුට සිංහල කියවන්නට බැරිය. මම ආරක්ෂිතය. එක්වරම මූ දුරකතනයෙන් මොන මොනවාද ඔබන්නට පටන් ගත්තේය. දුරකතනයෙක් කාන්තාවක් මාගේ මුළු ලිපියම කියවන්නට පටන්ගත්තාය. එය Text to Speech තාක්ෂණය යැයි කෙවිනා මට කීවේ මාව මරන්නට තැත් කරන්නට පෙරය. දැන් කාලේ එවුන්ගේ දියුණුවක හැටි.
ඊයේ කල පී.සී.ආර් එකේ ප්‍රතිඵල ආවේත් මා සවස් වරුවේ වැසිකිලියේ සිටිනා විටය. ප්‍රතිඵලය නැවත නෙගටිව් ය. අද දවස තනිකරම කක්කි දවසකි. දවසේ වැඩ නිමා කර, පොතක් කියවමින් හවස් වරුවේ කෙවිනා සමග කතාබස් කරමින් කොත්තමල්ලි පානය කලෙමි. විස්කි වීදුරු වලින් කොත්තමල්ලි වලට මාරු වීම කාටත් යහපතකි.
දැන් මධ්‍යම රාත්‍රියට ආසන්නය. අද කෙවිනා එළියට ගොස් මල් කඩයි. කළුවරේ නිසා උගේ නාටකය අද හරියට නොපෙනෙයි. දින 13ක් බව මෙසේ ගත කරන්නට තිඛේ. මම ඒ ගෙන පැමිණිලි නොකරමි.
උදේ වරුවේ මා දුටුවේ අපගේම ආයතනයේ රෝහල් වල සිටින අය ඈතින් ඈතට සිට ප්ලාස්ටික් භාජනයකට තට්ටු කරමින් ගීත ගායනා කරන වීඩියෝවකි. දිවිය ලෝකයත් අපායත් නිර්මාණය කරන්නේ තමන්ගේම සිතය. සිත ගිය තැන මාළිගාව කියන්නේ ඒ නිසා විය යුතුය.
ටික කලකට මාගේ මාළිගාව මෙතැනයි. හෙටත් හමුවෙමු. හෙටත් මේ ගෙන කෙවිනාට පවසා මා ගෙන ඔබ සිතේ ඇති තරහාව නැති කරගන්න.