Produced by : Manthra

Vocals & Music | Sachitha Suduge , Isuru Meneripitiya
Lyrics | Hashan Gunasekera (MakaBaas)
Melody | Sachitha Suduge

හීන හිඟන්නෝ චිත‍්‍රපටයේ ගීතයක්

හිස් අහස යටින් දුවගෙන
පුස් වීදි මැදින් පිඹගෙන
වීදුරු හිරගෙට යනවා මේ….
හීන හිඟන්නෝ…..

දස් දුක් විඳලා ඒ තුල
තිස් දහසක් හා ලොල් බැඳ
රජ වන්නට පොර බදනා මේ….
හීන හිඟන්නෝ…

මස් ගොබ හැලෙනා බඩ වට
කිස් කරනා වත්සුණු ගෑ මුව
ඉනිමග නගිනට පොර කන මේ….
හීන හිඟන්නෝ….

හිස් අහස යටින් දුවගෙන
පුස් වීදි මැදින් පිඹගෙන
වීදුරු හිරගෙට යනවා මේ….
හීන හිඟන්නෝ…..

හිස් නැති මළකඳ සේ හවසට
විස් දිය තුල දුක දිය කරගෙන
තව දවසක් වෙත සැරසෙන මේ…
හීන හිඟන්නෝ…