හමුවීම සැපක්, වෙන්වීම දුකක්,
ඒ ගෙන හිත හිතම අපි ආපු දුරක්…

ටිකට් එක හැටක්, මේ වගේ රටක්,
කෝච්චිය පරක්කුයි විනාඩිම තිහක්…

රටකජුත් මිටක්, හප හපා උඩ වැටක්,
සුද්දියෙක් බලනවා මර මරා ඇසක්…

කෑල්ලත් වැඩක්, සෙනඟ ඇත ගොඩක්,
මුං එක්ක මට කොහෙද නිදහසේ හෙටක්…

ඉඳපංකො ටිකක්, පනින්නට වැටක්,
සුද්දි වත් සෙට් වුණොත් ගන්නවා සැපක්…