බදුලු කෝච්චිය කොළඹට එනකොට
පැමිනෙන නන් මිනිසුන් අතරේ
පිළුම් පුරෝගෙන, නව රස අරගෙන
එහි එන එක මිනිසෙක් ඇත්තේ

කාල වර්ණ කෙස් වැටිය කඩාගෙන
කන් දෙක ඇබ දෙකකින් තද කරගෙන
බර අඩි තියමින් ඔහු එන වග දැන
මුතුහර පැමිණෙයි ඔහු පිලිගන්නට

දෙවෙනි ලෝක යුද්ධය හා විරුවන්
සමාජවාදී සිනමාකරුවන්
කටගැස්මට ගනිමින් තොල් මතුරන්
ගල් කාලක් රස කරවයි ඉඳුරන්

ඔහුටම හුරු වුණු කැමරා කෝණය
මහින්දපාලගෙ ගෝල පරාණය
මුල සිට අද වෙන තෙක් මා ප්‍රාණය
බේරා දුන් ඔහු වෙතට ප්‍රණාමය

දවසක ඔහු යයි හිට්ලර් දේශෙට
උණුසුම දෙන්නට නීල වලාවට
යන්නට පෙර චාන්දනීගෙ හිනාවට
පණ දෙමු අපි තව අන්තිම පාරට