මා මේ ලියන දේවල් මාගේ පවුලේ කිසිවෙකුත් නොකියවන ලෙසටත් කියවූ වෙන එකෙක් මාගේ දෙමව්පියන්ට මේවා කනේ නොකියන ලෙසටත් ඉල්ලා සිටිමි.

මීට සතියකට වගේ කලින් මම මැෂින් එක ගාව වාඩි වුණා විතරයි අම්මා ආවා කාමරේට මාත් එක්ක චැට් එකක් දාන්න වෙනදා වගේම. මගේ නිව්ස් චැනල් එක තමයි අම්මා.

“අන්න අර පොඩි කෙල්ලව මරපු එකට අවුරුදු 17ක කොල්ලෙක් සැක පිට අල්ලලා.. කම්පියුටර් එක බලද්දි ජරා ෆිල්ම්ස් හිටන් තිබුණලූ” අම්මා ඒක කිව්වේ කම්මුලේ අතකුත් තියාගෙන.

ඔන්න ඔහොමයි මේ කතාව පටන් ගන්නේ. ඔය සිද්දියත් එක්ක සෑහෙන්නම වැල ගෙන කතා මට එහෙන් මෙහෙන් අහන්න ලැබුණා. ඒකයි මට හිතුනේ වැල ගෙන ලියන්න.

තාක්‍ෂණේ දියුණුවත් එක්ක අද ඔය හැම සුද්දවන්තයාම අර .com මේ .com වලට ගිහින් ශේප් එකේ වැඩේ කරගෙන එකත් මකලා සුදනෝ වගේ හිටියාට තාක්‍ෂණේ දියුණු නැති මුල්ම කාලේ වැල පිලිබඳව විශේෂඥයෝ හිටියේ බොහෝම ටිකයි.

මට මතකයි අපි පොඩි කාලේ දවසක් මගේ හොඳම යාළුවෙක් උස්සගෙන ආවා CD එකක්. ඒ කාලේ සාමාන්‍යයෙන් ගෙවල් වල කම්පියුටර් තිබුණේම නැති ගාණයි.

“අඩෝ මේක පාරේ අයිනක තිබ්බේ. ෂුවර් එකට මොකක්ම හරි තියෙනවා. උඹේ මැෂින් එකට දාලා බලමුකෝ” ඌ හරිම අසරණ විදිහට කිව්වා. මම ඒ කාලේ කැරිම පණ්ඩිතයි.

“අඩෝ උඹ දන්නවාද මේ වගේ දේවල් වලින් තමයි ඇමරිකාව එහෙම අපි කරන වැඩ ගෙන බලන්නේ. මේවායින් තමයි වයිරස් එන්නේ. මේක තියලා පලයං. මම පොඩි ටෙස්ටින් වගයක් කරලා උඹට කියන්නම් සිද්දිය” කියලා මම ඒක මගේ බාරෙට ගත්තා.

ඒ කාලේ අපේ ගෙදර නැවතිලා හිටියා මගේ Cousin කෙනෙක්. මටත් වැඩේ ෂුවර් නැති හින්දා මම බුවාට කිව්වා ඉස්කෝලේ මැෂින් එකකට දාලා මේක බලන් වරෙන් කියලා. පහුවදා බුවා ගෙදර ඇවිත් CD එක මට දීලා කින්ඩි හිනාවකුත් දාලා කියනවා,

“හෙට උදේට නැන්දා කඩේ ගියාම බලපං ඕක අවුලක් නෑ” කියලා.

පහුවදා මම සෑහෙණ ත‍්‍රිල් එකකින් වැඩේට බැස්සා. “මාධවී සිල්වා ජොන්තර බැරැුක් සමග හිල්ටන් හෝටලේ ගතකල අඩහෝරාවක්” කියන බොරු සිංහල Title එකෙන් අති විශිෂ්ඨ පිටරට වැලක් මගේ මුල්ම වැල උනේ ඔය විදිහට මම පොඩි කාලේ.

වැල් එන්න කලින් තිබුණේ පින්තූර සහ පත්තර සංස්කෘතිය. අපේ අයියා කාරයා ගාව ඔය පොඩි පොඩි අයිටම්ස් තිබිලා මටත් එහෙන් මෙහෙන් දැකගන්න ලැබිලා තියෙනවා. 56kbbs dial-up-connection එකක් අපේ ගෙදරටත් තිබුණ නිසාත් Sony C310 කියන පොඩි ෆොන් එකෙන් waptrick යන්න පුළුවන් වුණ නිසාත් අයියා කාරයායි මායි අනිත් උන් වගේ වේලුනේම නැහැ.

අපි විතරක් හැම දේම ලබාගන්න ඕන නැහැ කියලා අයියායි මමයි තදින්ම විශ්වාස කලා. විනාඩි 30 වැලෙන් හොඳම කෑලි ටික විනාඩි 2කට කපලා දාලා 3gp වලට convert කරලා Bluetooth වලින් යාළුවන්ට දෙන්න අපි දෙන්නා කවදාවත්ම ලෝබ වුණේ නැහැ. ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා හෂාන්ගේ ගෙදර පාඩම් කරන්න යන කොල්ලෝ සෑහෙණ ප‍්‍රමාණයක් හිටියේ අපේ මේ පරිත්‍යාගශීලීභාවය නිසාම වෙන්න ඇති. වැල අරන් යන්න එන කාලකණ්නි ටික අපේ අම්මාගෙන් මගේ දවල් කෑම එකටත් විදලා මාරු වෙන එක නම් ඉවසන්න බැරි වුණා.

ඕලෙවල් කාලේ කියන්නේ සික් එක හොඳටම වැඩිම කාලේ. විභාගේ ඉවර වෙලා ගෙදර ඉන්න මාස ගාණට පස්සේ ඒක වෙන්න ඇති දකින දකින අය කියන්නේ “ළමයා සෑහෙන්න කෙට්ටු වෙලා කියලා”. ඕලෙවල් කාලේ සීන් එකේ නැති එකා ෂුවර් සෙට් එකෙන් කොන් වෙනවා. ඒ කාලේ එක පාර රාවයක් ගියා masturbate කරන එක සෞඛ්‍යට හොඳ නැහැ. අනික ඒක පව් සිද්ද වෙන දෙයක් කියලා. ඒ වගේ අඳුරු කාල වලදී පවා risk එකක් අරගෙන ඉදිරියටම ගියේ අපි ටික දෙනෙක්ගේ මූලිකත්වයෙන්. මොනවාම හරි සැකයක් ආවාම අයියාගෙන් ඒක නිරවුල් කරන් ඒ දැනුම අනිත් අය එක්කත් බෙදාගන්න මම ලෝබ වුණේ නැහැ.

ඒ කාලේ කම්පියුටර් අද වගේ නෙමෙයි. කොයි වෙලේ freeze වෙයිද කියලා අපිවත් දන්නේ නැහැ. අනික ජවනිකාවේ හොඳට කෑල්ල යද්දි Loading… හරි Buffering… වැටෙද්දේ දැනෙන දුක අනන්තයි. තවත් දරුණුම දුකක් දැනෙන්නේ සුරාන්තයට ලං වෙද්දිම අර විදිහට නිමිත්තට බාධා එල්ල වෙද්දි.

කොල්ලන්ගේ ඒ අසහනය ඒ කාලේ ඇත්තටම හරි සුන්දර දෙයක්. කොල්ලෝ කියන ජාතිය ඒ අත්දැකීම අනිත් එකෙක්ට කියද්දී අනිත් උන් අහන් ඉන්නේ ඒ ජවනිකාවල් වල උනුත් ඉන්නවා වාගේ. ඕවාට නැති, හරි වයසේදී අසහනය පිට නොකරපු උන් දන්නේ නෑ හැඟීම් පාලනය කරගන්න අරින්න ඕන ටැප් එක මොකක්ද කියලා.

ඒ කාලේ ඉඳන් වැල සීන් වලට වගේම අසභ්‍ය හැම දේටම මාව යාළුවෝ අතරේ ප‍්‍රසිද්ධයි. එදා මාත් එක්ක මුල්ම වැලට සම්බන්ධ වුණ එකා අද සමාජයේ හොඳට ඉන්න එකෙක්. මගේ ගුරුතුමා වුණ අයියා කරයා ලංකාවේ වැදගත් ආයතනයක මැනේජර් කෙනෙක්. ඔය එකෙක්වත් ගෑණු rape කරන්න ගිහින් වත් පොඩි උන් බදාගන්න ගිහින්වත් ට‍්‍රයි කලා කියලා මට නම් දැනගන්න ලැබිලා නැහැ.

ඒ ලෙවල් කාලේ මට සෙට් වුණා තවත් කට්ටියක්. පන්තියට උගන්නන්න ආව මිස් දිහා බලාගෙන අත්වැඩ කරපු එකෙක් තමයි මගේ ඒ ලෙවල් අවුරුදු දෙකේම එකට වාඩි වෙලා හිටියේ. සමාජයේ ඇහෙන් බැලූවොත් අද ඌ සෑහෙණ ගාණක් rape කරලා හිරේ ඉන්න ඕන ජාතියේ එකෙක්. හැබැයි අද ඌ ලස්සනට සමාජයේ වැදගත් විදිහට ජීවත් වෙනවා.

ඒ කාලේ කොල්ලන්ගේ වත්කම මැන්නේ තමන් ලඟ තියෙන වැල් වල සයිස් එකෙන්. වැඩියෙන්ම GB තියෙන එකා තමයි පෝසතා. මම ඒ කාලේ අනුගමනය කලේ පරාක‍්‍රමබාහු රජතුමාව. “ලැබෙන එක වැලක්වත් කොපි නොකරන් ආයේ දෙන්න එපා” කියලා තමයි මම වැඩ කලේ. ඒ කාලේ මම DVD 10ක් වෙනම එකතු කලා කවදා හරි මට පුතෙක් හිටියොත් උගේ 16 වෙනි උපන් දිනේට තෑගි දෙන්න. ඕක කියන්න ගිහින් ඒ කාලේ මට හිටපු කෙල්ල මගේ ළමයාගේ අම්මා වෙන්න තිබුණ අදහසත් අත ඇරියා. ඒ තරමට සමාජය වැල කියන දේ වැරදි දෙයක් විදිහටයි දැක්කේ.

හැබැයි මම දැකපු එක දෙයක් තිබුණා. ඉස්කෝලේ යන කාලේ වනචර අදහස් තියෙන වැල බලන කොල්ලෝ හැම එකෙක්ටම මාර කන්ට්‍රෝල් එකක් තිබුණා උගේ හැඟීම් ගෙන. අනික ඒ එකෙක්වත් ඕවා බැලූවේ කඩුව මුවහත් කරගන්න මිසත් කාටවත් කඩුවෙන් අනින්න බලාගෙන නෙමෙයි. අදටත් මට විශ්වාසයි එ් කාලේ මම ආශ‍්‍රය කරපු වනචරයෝ ටික ගාව මගේ දුවෙක්ව වුණත් තියලා යන්න පුළුවන් බය නැතිව කියන එක. (වැඩිපුර විශ්වාසයට ගෙන ගෑණිව ලඟ තබා යෑමෙන් වලකින්න.)

වැල ගෙන කතාවත් ගෑණු ඇඟ පේනන ඇඳුම් අඳින සීන් එක වගේම තමයි. කොච්චර කොහොම වැල බැලූව එකා වුණත් තමන්ගේ මානසිකත්වය අනුව තමන් ගෙන කන්ට්‍රෝල් එකක් තියෙනවා. වැලක් වත් නොබලා පොර ටෝක්ස් දෙන සමහර වයසක අංකල්ලා බස් එකේදී කෙල්ලෙක්ගේ පුක දැක්ක ගමන් ජැක් ගහන්න යන්නේ ඒ කන්ට්‍රෝල් එක නැතිව.

අද සමාජයේ මම දන්නා දෙයක් තමයි කෙල්ලෝ හිටන් වැල බලනවා කියන එක. එ්ක හොඳයි. නැත්තම් ඉස්සර උන්ට වගේ පාඩම් කියා දිදී වැඩ කරන්න වෙයි ඉස්සරහට ඉන්න කොල්ලන්ටත්. වැල් වල රඟපාපු සනීව හින්දි ෆිල්ම්ස් වල පෙන්නද්දි හුරේ දදා බලන්න පුලුවන් අපේ සමහර බහුශෘතයෝ සනීගේ වැලක් බලද්දී තව එකෙක් දිහා බලන්නේ මාර වපර ඇහැකින්. හැබැයි මම අදටත් එකක් දන්නවා. සුදු රෙදි ඇඳන් වල් වැඩ කරන උන් කොච්චර වැලට බැන්නත්, අදත් හෙටත් අනිද්දාත් වැල වෙනුවෙන් සටන් කරන කොල්ලෝ ඉඳීවි කියන එක.

“පාසල් මට්ටමෙන් ඕවා කලාට දැන් අපි ඒවා කරන්න හොඳ නැහැ” කියලා තර්ක කරන සෙට් එකකුත් ඉන්න පුළුවන්. දවසක් අපේ batch එකේ meeting එකක් තිබුණා. වැඩේ බොහොම වැදගත් විදිහට කෙරීගෙන යද්දි එක පාරටම පිටිපස්සේම එකෙක් ලඟ ඉන්න එකාගෙන් ඇහුවා

“මචං අර ලඟදී වටේ ගිය drop box link එක දැක්කාද? ඒක මාරයි බං… updated ඒවා තියෙන්නේ කියලා…”

ඔය කතාව ඇහුණා විතරයි අර වැදගත් meeting එක මැද්දේ හැම එකාම අරූගෙන් link එක forward කරගන්නවා. තවමත් ඒ කොල්ලන්ගේ ගති ගිහින් නැති එක ගෙන මට මාරම සන්තෝසයි. ඔහෙම ඉන්න උන් ගෑණුන්ට ඉව අල්ලනවා ඇති. දහස් වාරයක් ගෑණුන්ට ටෝක් කරලා දෙතුන් පාරක් සාර්ථක වෙලාත් ඇති. හැබැයි ඔය එකෙක්වත් බලෙන් ගෑණුන්ට අතවර කරන්න යන, පොඩි උන්ගෙන් අසහනය පිට කරන උන් නම් නෙමෙයි.

මේ කතාව ඉවර කරන්න යද්දී අම්මා අදත් ආවේ…”අන්න අර වෙන එකෙක්ව අල්ලලා අර ළමයාගේ මරණෙට. පොඩි කොල්ලාගේ අම්මා වන්දි ඉල්ලලා නඩුවක් දාලා ලූ. හැබැයි අර අනවශ්‍ය දේවල් තියන් හිටපු එකට නම් හම ගහන්න ඕනේ” කියලා නිවුස් එකක් අරගෙනමයි.
“එතකොට අර ඇත්ත වැරදි කාරයාත් සෑහෙණ නරක දේවල් ලඟ තියාගෙන වෙන්න ඇති නේද අපරාධ කරන්න ඇත්තේ?” කියලා අහන්න හිතුනත්, වැල වෙනුවෙන් කතා කරලා මගේ හම ගලවාගන්න ඕනේ නැති නිසා මම කට වහගෙනම උන්නා