අද කතාව ඛෙදීම ගෙන.

අපි පොඩි කාලේ ඉඳන්ම දේවල් වර්ග කරනවා. ඉපදුණු ගමන් අපි ඛෙදනවා ගෑණු පිරිමි කියලා, ඊට පස්සේ ටිකක් ලොකු වුණාම වයස අනුව වර්ග කරනවා. ඉස්කෝලේ ගියාම අපි ඛෙදනවා දක්ෂතාවය අනුව. ඉස්කෝලෙන් ඉස්කෝලෙටත් අපි වර්ග වෙනවා. ඊට පස්සේ ආගම් වලට, පක්ෂ වලට වගේම රටවල් වලටත් අපි එක එක ඛෙදීම් කරනවා. හැම පුද්ගලයෙක්ම මෙහෙම කුලක කිහිපයකට අයිති වෙලා කොතනින් හරි මේ කියන ඛෙදීමකට අහුවෙලා තමයි ඉන්නේ.

දැන් ඕකේ ඇති වැරැද්ද මොකක් ද?

නැහැ කිසිම වරදක් නැහැ. මොකද දකින හැම දේටම වැරදියි කියන්න තරම් JVP මානසික තත්වයක නෙමෙයිනේ අපි ඉන්නේ.

එහෙනම් වැරැද්ද වෙන්නේ කොතන ද?

මෙහෙම ඛෙදපු කුලක වලට අපි එක එක නිර්වචන දෙන්න ගන්නවා. ගෑණු ළමයි නම් මෙහෙමයි. අර ඉස්කෝලේ අය මෙහෙමයි. බාල අය වැඩිමල් අයට ගරු කරන්න ඕනේ. මෙන්න මේ වගේ අපි අර කියපු ඛෙදීම් වලට එක එක ගුණයන් සහ ඒවා අතර සම්බන්දතා ඇති වෙන්න ඕන විදිහ ගෙන තියරි හදන්න යනවා.

මේක තේරුම්ගන්න අමාරු දෙයක් නෙමෙයි. හැබැයි අපි පුරුද්දටම මේක නොහිතා කරන දෙයක්. මම ටැටූ එකක් ගැහුවාම කට්ටිය කිව්වා “ආහ් ටැටූ ගහන අය රස්තියාදුකාරයේ කියලා.” අන්න ඒ වගේ අපි ඉඛේම මේ ඛෙදීමට ගුණාංග ආරෝපණය කරන්න පුරුදු වෙලා. අන්න එතැනයි වැරැද්ද තියෙන්නේ.

එතකොට මොකක්ද මේ හරුපේ හරි විදිහ?

මම නම් කියන්නේ අපි කොහොම මිනිස්සු වර්ගීකරණය කරත්, අපිට පුද්ගලයින්ගේ ගුණාංග හරි නිර්වචන හරි දෙන්න බැහැ එක ගෘප් එකකට පොදු වෙන්න. අපි මිනිස්සු වශයෙන් එකිනෙකාට වෙනස්. එහෙනම් අපේ ගුණාංගත් පුද්ගලානුබද්ධයි.

Biological සමානකම් තියෙන්න පුළුවන් මේ වර්ග ඇතුලේ. සුද්දෝ සුදුයි, අප්‍රිකානුවෝ කළුයි වගේ. චීන්නුන්ගේ කොටයි, අප්‍රිකානු උන්ගේ දිගයි වගේ. හැබැයි අපිට කියන්න බැහැ සුද්දෝ වැදගත්, කල්ලෝ හරිම ප්‍රචන්ඩයි කියලා. ඒවා හැම දෙයක්ම පුද්ලානුබන්ධයි.

ඉස්සර පිලිගැනීමක් තිබුණා ගෑණු පිරිමින්ට වඩා ශක්තියෙන් අඩුයි කියලා. මම දන්නම ගෑනු ඉන්නවා සයිස් එකෙන් මාව දෙකට නවන්න පුළුවන් හයියක් තියෙන. ඒ වගේම දැන් යනවා trend එකක් කාන්තාවෝ leadership වලට සුදුසුයි කියලා. මගේ ජීවිත කාලයේ මම දැකලා තියෙනවා හොඳ female leaders ලා. ඒ වගේම ගම නාගත්තු අයත්. ඒක අපිට වර්ගයකට පොදුයි කියන්න බැහැ.

බයියෝ අතරෙත් ඉන්නවා වැරැද්දක් දැක්කාම ඒක වැරදියි කියන අය. ජෙප්පෝ අතරත් ඉන්නවා හොඳක් දැක්කාම ඒක හොඳ දෙයක් කියලා දකින්න පුළුවන් අය. හැබැයි ඉරාජ් වගේ, සොනාල ගුණවර්ධන වගේ උන් ඉන්නවා රාජපක්ෂලා එළිපිට මිනී මැරුවත් ඒකට සාධාරණීකරණය කරන්න හේතුවක් පෙන්නන.

එම නිසා මිත්‍රවරුණි වර්ග කිරීම් වලට නිර්වචන දෙන්න යන්න එපා. එක එක කුලක වලට ගුණාංග ඇතුළුකරන්නත් එපා. බුදුහාමුදුරුවෝ කිව්වා වගේ යම් කිසි කෙනෙක් උසස් වෙන්නේත් පහත් වෙන්නේත් තමන්ගේ ක්‍රියාවන් සහ ආකල්ප අතින්. පුද්ගලානුබද්ධ දේවල් වලට පොදුවේ පහර ගහන්න එපා.

P.S. – උස එවුන්ගේ කොටයි, කොට උන්ගේ දිගයි කියන එකත් බොරුවක්