මම පොඩි කාලේ ඉඳලා ජීවත් වුණේ IDH සහ අංගොඩ නගර දෙක මැද්දේ. මානසික රෝහලයි බෝවෙන රෝග රෝහලයි දෙපැත්තේ තියාගෙන ජීවත් වුණු මේ පැත්තේ අයට ලෙඩ රෝග කියන්නේ මැජික් නෙමෙයි.

කොරෝනා අපු වෙලාවේ වුණත් මේ පැත්තේ මිනිස්සු අනිත් අය වගේ ගොන් පාට් දැම්මේ නැත්තේ ලෙඩ හැදෙනවා කියන එක අමුතු දෙයක් නොවන නිසා වෙන්න ඇති. මේ අතරේ කොරෝනා දෙවෙනි පාරටත් එනවා. බ්‍රැන්ඩික්ස් එක ගෙන හැම තැනම කතා වෙනවා. බ්‍රැන්ඩික්ස් එකේ අයව අපහසුතාවයකට පත් කරන අවස්ථා ගෙන අහන්න ලැබුනත් කවුරුත් මට කිසි දෙයක් කියන්න ආවේ නැහැ. එකක් මගේ කට අවුස්සන්න අකමැති නිසා සහ මගේ වටේ ඉන්න බහුතරයක් දෙනා මගේ ගෙන හොඳට දන්න අය. 

හැබැයි මෑතකදී මම  වැඩ කරපු කෙනෙක්ට මගේ බ්‍රැන්ඩික්ස් සම්බන්ධතාවය සෑහෙන ගැටළුවක් වෙනවා. එයාට රෝග ලක්ෂණ තියෙනවා කියලා සෑහෙන ඉල්ලීම් කරනවා PCR එකක් කරන්න කියලා. මට පලවෙනි වතාවට දැනෙන්න ගන්නවා අර අපහසුතාවයකට පත් කරන හැඟීම. 

හැබැයි බහුජන හිතාය, බහුජන සුඛාය කියලා මේ අපවාද වලින් මිදෙන්න මම උදේම ආවා IDH බෝවන රෝග විද්‍යායතනයට. PCR එකක් කරන්න හිතුන හිතුන අයට බැහැ. OPD එකට ගියාම එතැනින් තීරණය කරලා අපිට වෙලාවක් දෙනවා. එතැන කාර්යය මණ්ඩලය බොහොම සුහදශීලී අය. 
ඉතින් මම 9 වෙනිදා ගිහින් ටෙස්ට් එක කරන්න වෙලාවක් අරගෙන ගෙදර ආවා. පහුවදා (10 වෙනිදා) මම ගියා ටෙස්ට් එකට. ඇත්තටම කියන්න ඕනේ පෞද්ගලික රෝහල් වල වගේම හොඳට කතා බහ කරලා සැලකුවා IDH ඉන්න අයත්. PCR අත්දැකීම හරිම වෙනස් දෙයක්. ඒක හරියට අමරසිරි පීරිස් මහත්මයා කියන්නා වගේ,

රිදුමක් වාගේ කිසිදා සුව නොවනාසුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උනු කඳුලුම වගුරවනා

වගේ හැඟීමක්. කොහොමින් හරි මම ගෙදර ආවා. රෑ වෙලා රිසල්ට්ස් එනවා කිව්වත් ඒක පරක්කු වුණා. අද උදේ මම කෝල් එකක් දුන්නාම කියපි ඊයේ සාම්පල් එක මදි වෙලා ආයේ ඇවිත් එකක් දෙන්න කියලා. මමත් ආයේ ගියා දෙවැනි ටෙස්ට් එකට

දැන් තමයි නියම කතාව පටන් ගන්නේ. ඊයේ සීන් එක Deep Throat වගේ දෙයක් කියලා හිතන්නකෝ. අද නිකම් BDSM එකක් වගේ. මගේ පොඩි කාලේ නහය කැඩිලා පැත්තකින් හුස්ම ගන්න අමාරුවක් තියෙනවා. ඊයේ මම බැගෑපත්ව කිව්වා, “මේකෙන් ගන්න එපා අමාරුයි” කියලා.

අද කිසි සමාවක් නැහැ පින්වතුනි. නහයවල් දෙකෙන්ම සාම්පල් ගත්තා. දීර්ග කාලෙකට පස්සේ මට ඒ පැත්තෙන් හුස්මක් ඉහලට ඇදෙන තරමටම නහය සුද්ද කලා. කොරෝනා හිටියා නම් “අඩෝ නෝ….” කියාගෙන එළියට එන තරමට සාම්පල් ගත්තා. හැබැයි මම කිසි වරදක් කියන්නේ නැහැ. එයාලාගේ යුතුකම හරියටම එයාලා ඉස්ට කලා.

දැන් ස්වල්ප මොහොතකට කලින් මට එයාලා රිසල්ට්ස් දුන්නා. ඒක නෙගටිව් වුණා කියලා මම වීරයෙක් වගේ හැම තැනම යන්නේ නැහැ. තවම අපි අතරේ මේ වෛරසය තියෙන්න ඉඩ හොඳටම වැඩියි. ආව තැනක් දන්නේ නැතිව අපි තවමත් කරනේනේ මේක පාලනය කරගන්න හදන එක. මේක කාට වුණත් හැදෙන්න ඉඩ තියෙන දෙයක්.

හැබැයි මේක වසංගතයක් කරන්නේ අර මම කලින් කිව්වා වගේ උදවිය සහ ලංකාවේ මාධ්‍යය කියාගන්නා ආයතන. සදාචාරයක් නැතිව වාර්ථා කරන මෙයාලාගේ ලණු ගිලින සමාජ මාධ්‍යය කණ්ඩායමකුත් ඉන්නවා. මට ඔයාලාට කියන්න බැහැ මේවාට රැවටෙන්න එපා කියලා. මාධ්‍යය නිසා අපි කොහොමත් දේවල් විශ්වාස කරනවා. පුළුවන් නම් දේවල් විශ්වාස කරාට අනිත් අය අපහසුවට පත්වෙන විදිහට හැසිරෙන්නේ නැතිව ඉන්න. ඒක වටිනවා.

අනිත් දේ තමයි මේ කාලේ සෑහෙන්න තේරුම් ගන්න පුලුවන් කවුද තමන්ව විශ්වාස කරන්නේ කියලා. අපේ ගෙදරටත් කෝල් එනවා පුතා බ්‍රැන්ඩික්ස් නේද? ටෙස්ට් එක කලාද කියලා. මිනියක් මරන්න වුණත් අපි රෙඩි කියලා කියන්න 100ක් හිටියාට ඇත්තටම මිනියක් මැරුවාම හංගන්න හරි උදව්වට ඉන්නේ කවුද කියලා බලාගන්න මේක හොඳම කාලේ. ඒ ෆීලින්ග් එකත් මරු.

ප.ලි.
නැවත කිසි දිනෙක මා Deep throat සහ choking කැටගරි දෙස ආශාවෙන් නොබලමි. මෙතෙක් ඒවායේ සිටි තරුණියන් දෙස ආශාවෙන් බැලූ නිසා අද හෙදියක් විසින් ඒ අත්දැකීම මා වෙත ලබා දීම දෛවයේ සරදමක් ලෙස මා සලකමි. PCR අමාරු නැත. දෙවන වරට PCR කිරීම නම් තරමක් අපහසු රාජකාරියකි. එය BDSM තත්වයකට හා සමාන අත්දැකීමක් වේ. ඔබට හිතුමතේට ආතල් එකට PCR නොකරන්න. ඔබට කොරෝනා යැයි අපවාද කරනා උන්ගේ හිතසුව පිණිස මෙය කරන්න.