පෙනුන අහසත්, තිබුණු පොළවත්
නැතිව ගිය කල අද මගෙන්
මගේ හිතටම රැවටිලා මම
සැප දුකක් මැද තනිකමෙන්

මෙල්ල කරනට නොහැක මට අද
කිසි දෙයක් මේ වන ක‍ෂණෙන්
දුවන වේගෙට හැප්පුනොත් හිත
ලොව බිෙඳයි මා හැදු සෙමෙන්

දැනෙන මුත් මෙහි තිඛෙන වරදක්
කියන්නට මදි පද තුලින්
සැනසුත් හිස් බවක් අද්දර
නැවත එයි දුක, සැප දොරින්

අනාගතය නම් මිරිඟ=වක් මැද
අතීතය අළු ගොඩක් වී ඇත
සමාධිය නම් තොටුපලක් ගෙන
ඇසෙයි වත්මන කියන ගඟ මැද

ඒ තොටෙයි කර වටක් යට බැස
බලා උඩුගං යන්න අවසර
කිරිපිඩුත් නැති මෙවැනි ගමනක
මට නොඅයිති මම පමණි තනියට