චපල ළඳුනගේ පහස ඉල්ලන මද කිපුණු ඒ බොළඳ හදවත
රිදෙන හැම වාරයක් පාසා ඔච්චමට හිනැහුණා මා සිත
සකල දන හට මවා පෙන්වූ සිත් සනසවන ඒ මුහුණ යට
මටම කැපවුණු එකම කඳුලක් කඩා වැටුණා නොදැනීම මට

උණුසුමින් මා සතපවන්නට නෙතේ කොණකින් ඉඟි මරා
තෙපළු බස් රෑ පහන් කරමින් මතු වෙවී හැගුමන් නුරා
සිත යටින් මොර දිදී දඟලන අනතුරක සළකුණු නිසා
අවසාන නොයිඳුල් හැඟීමත් සුනු කලෙමි ඇගෙ හිත තලා