ඉඩෝරයක් මැද්දේ.. වැස්සක් එන සද්දේ..
වේලුණ මල් පෙති දෑස් අයාගෙන…
සුසුම් හෙලන යුද්දේ…

පොද වැහි බිඳු වැටුනේ…ගස් මතටයි මුදුනේ…
තුවාල වුණු පොළවේ දුක් නිවන්න…
වැස්සක් නැහැ වැටුනේ…

වලාකුලයි අහසේ…සැරිසරනා පහසේ…
වේලුණ මල් පෙති නොදැකපු ගාණට…
පාවී ගියා රහසේ…

වස්සානේ ආවේ…පසුවයි මේ වාරේ…
නව පණ ලැබිලා ලොව පිබිදුනු දා…
මල් සුවඳයි නාවේ…