මගේ පුරුද්දක් තිබුණා සති අන්තෙට පොඩි වෙලාවක් හරි කෙල්ලව හම්බු වෙලා එන්න. පහුගිය ටිකේ තිබුණ වැඩත් එක්ක සති ගාණක් මගහරුණු මේ රාජකාරිය මේ සතියේ වත් කරනවා කියලා හිතාගෙනයි මම ඉරිදා ගෙදරින් එළියට බැස්සේ. බස් එකෙන් බැහැලා පොඩි දුරක් ඇතුලට ඇවිදන් ගියාම තියෙන සාමාන්‍ය ගෙදරක තමයි එයා ඉන්නේ. ගෙදරට ඇතුල් වෙච්ච ගමන් පුටුවක වාඩි වෙලා ෆෝන් එක එක ඔබ ඔබ ඉන්න අයියාව මම දැක්කා.
“අම්මෝ… මල්ලිව දැක්ක කල්… මම හිතුවා අමතක වෙලාවත් ද කියලා.. නංගිගෙනුත් දවසක් මම ඇහුවා කාලෙකින් දැක්කෙත් නෑ, මම නැති වෙලාවකවත් ආවාද කියලා…” සුපුරුදු ලෙංගතුකමින් අයියා මාව පිළිගත්තා.
“වැඩත් එක්ක එන්න බැරි වුණා සෑහෙණ කාලයක් තිස්සේ. අද තමයි යන්තම් වෙලාවක් හම්බුනේ එන්න.” මමත් අයියා ගාවින්ම හිටගන්න ගමන් උත්තර දුන්නා.
“වැඩ වැඩ කියලා ඉන්න එපා මල්ලී.. මේවාත් වෙන්න ඕනෑ දේවල්නේ.. නැද්ද… ? ”අයියා මගේ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වේ කින්ඩියට වගේ.
“අයියේ ආ.. මේක ගන්නකෝ… ”මම අයියාට ගෙනාපු තෑග්ග හිමිහිට මේසේ උඩින් තිබ්බා…
“මල්ලි ඉතින් කවදාවත් අයියාව අමතක කරන්නේ නෑනේ…. නංගි අන්න කාමරේ ඉන්නවා.. ගිහින් හම්බුවෙන්න”. පිටට තට්ටුවක් දාන ගමන් අයියා ආයෙමත් ෆොන් එක දිහා බලා ගත්තා.
කාමර කාමර ගොඩක් පිරුණු කොරිඩෝව දිගේ මමත් සුපුරුදු විදිහට ඇවිදගෙන ගියා.
“ස්… මෙහෙ මෙහේ…” ලස්සන හුරුපුරුදු කටහඩකින් කාමරයක ඉඳන් කෙනෙක් කතා කලා.
කවදා දැක්කත් එයා එක විදිහටම ලස්සනයි. මම එදා දැක්කා වගේම අදටත් එයාගේ ආදරණීය බැල්ම වෙනස් වෙලා නම් නැහැ. කාමරේ ඇතුලට ඔලූව දාපු මාව ඇතුලට ඇදලා ගත්තේ ඉස්සර වගේම දඟකාර කමකින්.
“මම කොච්චර දවසක් බලාගෙන හිටියාද? වෙනදාට වැඩිම සති දෙකක් නෑවිත් ඉඳියි. මේ පාර සති හතරක්. තරහම තරහයි මම ඔයත් එක්ක..” නෝක්කාඩු මූණක් හදාගෙන මගේ ඇෙඟ් එල්ලිලා කියවගෙන ගියා.
“වැඩ වගයක් තිබුණා.. එ්කයි ඉන්න බැරි වුණේ. තරහ වෙලා නම් ඉන්නේ අද මම ඔයාට ගෙනාපු දේ දෙන්නේ නැහැ ඔන්න”.
“වැඩ තිබුණාට කමක් නැහැ. පොඞ් කෝල් එකක් හරි දාලා කියන්න මට. නෑවිත් හිටියාම බය හිතෙනවා කරදරයක්ද කියලා. ඒකයි මම කිව්වේ”. මාව තල්ලූ කරන් ගිහින් ඇඳ උඩ වාඩි කරන ගමන් එයා කියාගෙන ගියා.
මගේ පැත්තකින් වාඩි වුණ එයා මගේ ඇඟට හේත්තුවක් දාගත්තා.
“අද නම් ගෙදරින්ම වොෂ් එකක් දාගත්ත ගමන් ඇවිල්ලා වගේ.. තාම සුවඳයි.”
“අපිත් ඉඳලා හිටලා හරි නාන්න එපැයි. ඇඟත් ආස ඇතිනේ වතුර ටිකක් වැටෙනවට..”
“අපෝ.. මහා මොකෙක්ද මන්දා.. ඇයි එහෙම නොනා ඉන්නේ? නිතරම නාලා පිරිසිදුවට ඉන්න පිරිමින්ට තමයි ගෑණු ආස..”
“මොන බොරුද? ගෑණු උනත් ආසයි පිරිමි සුවඳට. කොච්චර පුළුටු තිබුණත් අපේ මිනිස්සු කරවල කන්න ආස ඇයි? හැමෝම හිත ඇතුලෙන් ආස එ් කුණු රහට..” මම පණ්ඩිතයා වගේ කියාගෙන ගියා..
“ඔයාටත් හැම දේටම උත්තර තියෙනවා නේද? හැමදාම කටින් ගහලා තමයි මෙයා දිනන්නේ..” එහෙම කිව්වේ තවත් මගේ ඇඟට තුරුළු වෙන ගමන්.
මම මුකුත් නොකියා එයාගේ දිහා බලාගෙන හිටියා. එයාව මම දැක්ක මුල්ම පාර මම මේ විදිහටම එයා දිහා බලාගෙන හිටියා. එහෙම බලන හැම වෙලාවකම එයා කරන්නේ මගේ ඇස් දෙක දිහා බලාගෙන හිනාවෙන එක. මම ආදරේ කලා ඒ හිනාවට.
“කෝ එන්න… ඔලූව තියාගන්න”.
මගේ ඔලූව එයාගේ ඔඩොක්කුවේ තියාගන්න ගමන් එයාගේ පොඩි ඇඟිලි මගේ හිස කෙස් කෙස් අස්සේ දුවන් ගියා. ගැහැණියකට පිරිමියෙක් සනසන්න පුළුවන් ක්‍රම වලින් එකක් එයාට හොඳටම පිහිටා තිබුණා. ඒ තමයි අත්ගුණය. මම විස්තර කර නොහැකි ලෝකයක තනි වුණා.
“අවුල් ජාලයක් වගේ තිබූ මගේ හිස ක්‍රම ක්‍රමයෙන් නිරවුල් භාවයට ලං විය. මගේ මුහුණ වෙත නැඹුරු වූ ඈ ආදරයෙන් මගේ මුහුණ සිපගත් අතර, ඇගේ සෞම්‍ය සුවඳින් පිරි කෙස් වලින් මගේ මුහුණ වැසී ගියා. ඇගේ දෙතොල් මගේ මුහුණ පුරා දිව යන්නට පටන් ගත්තා. සැනසීම තුලින් නැග ආ මගේ ශූංගාරය ඇයව තවත් මා වෙතටම නතු කරගත්තා. අපි අනෙකාගේ ශරීරයේ තොල් ලකුණු මායිම් කරන්නට වුණා.
අප දෙදෙනාගේ ශරීරයේ උණුසුම ගිණියම් දවාල පරාජය කලා. ඒ රස්නයට අසුවුණු රෙදි පිලි පිලිස්සී යන්නට වැඩි කාලයක් ගත වුණේ නැහැ. පාලනයක් නැති තරුණ ශරීරයන් දෙකක් සයනයක් මත එකිනෙකා පරයමින් නැගී සිටියා. ඇගේ ඇස් දෙක මගේ ඇස් වෙත යොමු වී තිබෙන වාරයක් පාසා ඒවායින් නැගුනේ ශූංගාරාත්මක හැඟීමක්. කෙමෙන් කෙමෙන් ඇය සාරාගයේ උපරිමය කරා ලං වුනා. ශරීරය පුරා මෙතෙක් නැගුණු හැඟීම් එක් තැනකට යොමු කල ඇය කාලයත් අවකාශයත් අතර සිර වී සිටින මාගේ ආශාවන්ගෙන් පිරුණු කිරි මුහුද කලතන්නට වුණා. එක් ක්ෂණයෙන් යදම් බිඳ දැමූ හැඟීම් කන්දරාව ඇයගේ මුව තුලම සන්තර්පනය වුණා. බිඳුවක් අපතේ නෙදැමූ ඇය මා දෙස බලා සිටියේ දඟකාර බැල්මකින්. එකෙනෙහිම කෙනෙක් දොරට සිහින් තට්ටුවක් දමා යන්නට ගියා.
මම ටී ෂර්ට් එක ඇඳගෙන හැරෙනකොටත් එයා හිටියේ මගේ දිහා බලාගෙන හිනා වෙවී.
“මොකද හිනා වෙන්නේ?”
“පොඩි එකා වගේ කියන්නේ මම බොරුවටද? ටී ෂර්ට් එක කණපිට ඇඳලා තියෙන්නේ. පාරට ගිහින් ලස්සන කෙල්ලෙක් එහෙම ඔයාව දැක්කා නම් ලැජ්ජාවයි..” මගේ ලඟට ඇවිත් මම ගලවපු ටී ෂර්ට් එක හොඳ පිට හරවන ගමන් එයා කිව්වා.
“කමක් නැහැ. එතකොට එයත් මගේ ටී ෂර්ට් එක හදලා දුන්නොත් එහෙම හොඳයිනේ..”
“කමක් නැහැ රත්තරනේ… ඔයා ගෙන බලාගන්නත් කෙනෙක් ඉන්න එපැයි. හැමදාම මම ඉන්නේ නැහැනේ ඔයා ලඟට වෙලා. මම ගාව ඉන්නකොට නම් මම බලාගන්නවා..”
“මාව බලාගන්න කව්රුත් ඕනේ නැහැ. මට පුලූවන් මාව බලාගන්න හොඳට..”
“ඔයාට පුළුවන් ඔයාව අඳුරගන්න, ඔයාව දියුණු කරගන්න. හැබැයි ඔයාව බලාගන්න කෙනෙක් හොයාගන්න. එතකොට ඔයාට නිදහසේ වැඩ ටික කරන්න පුළුවන්. එහෙම කෙනෙක් හොයාගෙන ජීවත් වෙන්න. හැබැයි ඉඳලා හිටලා හරි මාව බලන්න එන්න ඕනේ හොඳද?..”
“ආහ්.. මේක තියාගන්න.. තෑග්ග තියාගත්තා දෙන්නේ නැහැ කියලා. ඒත් පවුනේ කියලා දෙනවා අන්තිමට හරි”. මම එයාගේ තෑග්ග එයාගේ අතට දුන්නා.
“ඔයාගෙන් තෑගි මම ගන්නේ නැහැ… තෑගි බලාගෙන නෙමෙයි මම ඔයා එනකම් බලාගෙන ඉන්නේ. මටත් ටික වෙලාවක් හරි සැනසිල්ලේ ජීවත් වෙන්න ඔයා එක්ක”.
“හරි හරි.. මම මේක දෙන්නේ මගේ හිතේ සන්තෝසෙන්. තියාගන්න ඔයාට උවමනා වේවි. මම යන්නත් ඕනේ දැන්, පරක්කුයි”. මම ඇයව මගේ ලඟට ඇදගත්තා.
“පරිස්සමෙන් ගිහින් එන්න. ඉක්මනට එන්න මාව බලලා යන්න”. මාව බදාගෙන එයා ආදරෙන් තුරුළු වුණා.
“අප්පෝ ඇති යන්තම්, දැන් මගේ සුවඳ තමයි එන්නේ ඔයා ගාවින්, අර හඩු ගඳ නෙමෙයි.” මම කාමරෙන් පිටවෙද්දී එයා කාමරේ ඉඳන් කියනවා මට ලාවට ඇහුණා.
ආයෙත් පාළු කොරිඩෝව දිගේ මම ඉස්සරහාට ඇවිදන් ආවා. අයියා තවමත් ෆොන් එකේ හිරවෙලා.
“අයියා.. ගිහින් එන්නම්….”
“ආහ්. හරි හරි මල්ලි… අද පොඞ්ඩක් වැඩ. ඒකයි දොරට තට්ටු කලේ. මල්ලි අවුලක් ගන්න එපා හොඳේ…” මගේ දිහා කුප්ප හිනාවක් දැම්ම බුවා ආයෙත් ෆොන් එකට රිංගුවා.
ඉස්සරහා බස් හෝල්ට් එකේ ක්ලාස් ඇරිලා ගෙදර යන කපල් ගොඩාරියක් දිහා බලාගෙන මම “ Amashi SPA” බොඞ් එක පහු කරගෙන ඉස්සරහාට ඇවිදන් ගියා….