සිංහල ගීත ශ්‍රවණය අතහැර තිබූ අවධියක “ගලන ගඟ” මා හට අසන්නට ලැබුනේ අහම්බයෙනි. මහා සංගීත විශාරදයෙක් තබා තාලයකට විසිල් එකක් ගසන්නට නොහැකි මා හට උරුම වී ඇති එකම දකෂතාව හොඳ කණක් පිහිටා තිබීමයි. ඒ පිහිටෙන් මා ගලන ගඟ වැලඳගත්තා පමණක් නොව, එය වටා ඇති අනෙක් ගීත ද අසන්නට විය. රිද්ම වීරවර්ධනගේ “කුවේණියේ මා” හට හමු වන්නේ ඒ ආකාරයටයි.
“කුවේණියේ මා.. කුවේණියේ මම තම්මැන්නා එනවා…
රූබරියේ මා… රූබරියේ මම.. ආලේ සොයා එනවා…
සලූව අරන් ගෙට පලයන් කුමරිය…
නැවක නැගී මරු එනවා කුමරිය…”
කාලයේ සැඟවුණු විජය කුවේණි කතාවේ මා නොසිතූ දෙබස ආරම්භ වන්නේ ඉන් පසුවයි. සංගීතයට මෙන්ම එහි කතා ශෛලියටද මා ඉතාමත් ආශා කල අතර ඒ වචන තුලින් ඇති කල හැඟීමට මා ආදරය කරන්නට පටන් ගත්තේය. ඊයේ දිනයේදී “”කුවේණි” රූප රචනය එළිදැක්වූ වහාම මා එය නැරඹුවේ එය මාගේ පෙර කී හැඟීමට සමානද නැද්ද යන වග දැනගන්නටයි. ඒ සමගම ප්‍රදීප් එෂ් විසින් ලියන ලද කුවේණි කියවීම මාගේ අවධානයට යොමු වුණි.
ඔහු පවසන පරිදි විජය නම්, මවකගේ කුසින් බිහි වූ පිරිමියා විසින් අසරණ කුවේණියට සිදි වී ඇති අසාධාරණය එදත් අදත් සමාජයේ සිදුවෙමින් පවතින අතර එක් පිරිමියෙකු විසින් වස්තුවක් කල තවත් පිරිමියෙක් විසින් බඩුවක් කල ගැහැණිය එසේ කලේද පිරිමියෙකු විසින් බව කිසිදා නොපිලිගනු ඇති බවයි. විජය ලංකාවට ආවේ කුවේණියව අසරණ කර ඇයව බඩුවක් කරන්නට බවක් නම් මට හැෙඟන්නේ නැත. විජය පැමිණෙන්නේ අළුත් භූමියකට පැමිණෙන කුතුහලය පිරි චරිතයක් ලෙසටයි. පිරිමියෙක් හැම විටෙම අළුත් අළුත් දෑ කරා යන්නේ ස්වභාවයෙන්ම ඇති කුතුහලය නිසාවෙනි. අනෙක් අතට කුවේණියට අවශ්‍යය නම් විජයව මග හැරයාමට ඕනෑ තරම් අවස්ථා තියෙන්ට ඇත.
අද සමාජය පුරා කතා වන කාන්තා අසාධාරණය සහ පිරිමින්ගේ ආධිපත්‍යය ගෙන කතිකාව ගෙන මා හට ඇත්තේ උපහාසාත්මක දැක්මකි. එදා කුවේණිය වාසය කල මේ රට තුල තවත් අනන්තවත් පිරිමින් සිටින්නට හැක. යකෂ ගෝත්‍රයේ රාජ වංශයට අයත් කුවේණියට මේ රටේ පිරිමියෙක් සොයාගන්න අපහසුවක් තිබිය නොහැක. එහෙත් වෙනත් රටකින් දඩුවම් පිට එවනු ලැබූ විජය නම් පිරිමියා හට ඇය තම ආලය ප්‍රකාශ කරන්නේ ඇයි? කියනා තරම් කුවේණිය රැවටුනේ නැත. විජය ඇයට කල අසාධාරණයක් ද නොමැත. කොටින්ම කාගේවත් වරදක් නැත. එදත් අදත් කවදත් ඇත්තේ එකම කතාවයි. කුවේණිය විජයට ආදරේ කලේත්, වැදි රජුට මනමේ කුමරිය කඩුව දුන්නේත්, ඔබේ පෙම්වතිය ඔබ අතහැර වෙනත් කෙනෙක් වෙත යන්නේත් එකම හේතුව නිසාවෙනි. අනෙක් හැම දෙනාම කරන දේ කරන, සමාජ සම්මතයේ සිටින පිරිමියාට වඩා ගැහැණියක් ආලයෙන් බැෙඳන්නේ අවධානමක් ඇති, දඩබ්බර සහ තමාගේ ආරකෂාව සහ ආත්මය භාර කිරීමට සුදුසු පිරිමියාටයි. විනාශය දැක දැකත් මෙරුවන් පවා ඇදෙන්නේ දැල්වී ඇති ඉටි පන්දමට මිස නිවී ඇති පන්දමට නොවේ. සොබාදහමේ නීතියට අනුව සිදුවූ දේ සිදුවී හමාරය,
විජය දඹදිවෙන් ලංකාවට එන්නේම වැරදි වලට දඩුවමක් වශයෙනි. විජය එසේ නොකර පියාට කීකරුව සිටියා නම් අද මේ දාර්ශණික අදහස් කතා කරනා පොරවල් තවමත් ඉර හඳට වඳිනවා ඇත. විජය කුවේණියව භාවිතා නොකර කුවේණිය විජයව භාවිතා කලා නම්, අද විජයගේ පරම්පරාව කුවේණි ටේලර්ස් වලට කපු සපයන සැපයුම්කරුවන් විය හැක. විජයට සිදු වූයේත් අද මේ සමාජයේ වත්කම් සමාජ තත්ව නිසා ආදරය අතහැර ජීවිතය තෝරාගන්නට වෙන කාන්තාවන්ට වෙන දේමය. සමාජ තත්වය, රටේ පාලනයේ අනාගතය සහ පවුලේ තත්වය හමුවේ වෙනත් කුමරියක් සරණ පාවාගත් විජය වැරදිය, ඔය හැම දේම නිසා සල්ලි තියෙන නාකියෙක් බැඳගන්නා තරුණිය පවුල වෙනුවෙන් තමා බිළි දුන් අසරණ කාන්තාවක්ය. ශී හැඩ් නෝ චොයිස් ය.
ප්‍රදීප් එශ් කියනා පිරිදි සමාජයේ කාන්තාවන්ට වන අසාධාරණයක් නැත. වරද ඇත්තේ සොබාදහමේ නීතිය තේරුම් නොගෙන විකෘති සංකල්ප භාවිතා කරන්නට යාමයි. පිරිමින් සොබාවයෙන්ම දඩයක්කාරයෝය. ඔවුන් හැම විටම අභියෝග කරති, හැම දෙයක්ම පවතින ස්වභාවයෙන් වෙනස් කිරීමට උත්සාහ දරති. නැතිව ඔවුන් කාන්තාවන් රොත්තක් වට කරගෙන සෙල්ෆි ගසමින් සිටිනා පිරිසක් නොවේ. මෙකී දඩබ්බර පිරිමින් සැනසෙන්නේ ගෑණු ගති ඇති කාන්තාවක් අසලය. කාන්තාව යනු පිරිමින්ට කල නොහැකි බොහෝ දේ කල හැකි චරිතයකි. නමුත් අද මේ පවතින සමාජයේ කාන්තාව පිරිමියාට කල හැකි සෑම දෙයක්ම කල හැකි යැයි වාරදි මතයක් බෝ වෙමින් පවතියි. කුවේණිය අද සිටියා නම් ඇය කපු කටිමින් සිටින්නේ නැත. ඇයත් අද ඩීමන්ස් ඇන්ඩ් සන්ස් ආයතනයේ වැඩ කරමින් සිටිනවා ඇත. ඒ දේ අද වූවා නම් විජයට සෙක්ෂුවල් හැරැස්මන්ට් කේස් එකකුත් වැටිලාය.
ඕනෑ තරම් තර්ක සහ නීති ගෙන ආ හැක. එහෙත් සොබාදහම ඒ ආකාරයටම තමන්ගේ කටයුතු කරගෙන යනු ඇත. විජයලා තවත් මෙහි පැමිණෙනු ඇත. කුවේණිලා තවත් ඒ දේම කරනු ඇත. තව තවත් මේ සමාජය වෙනස් වනු ඇත. සොබාදහම අපේකෂා කරන්නේ වෙනස් වීමයි. විජය ඇති කලේ ඒ වෙනසයි. තවත් ගැහැණියක් තමා ආදරය කල මිනිසාට ලං වනවාට අකමැති වූ කුවේණිය මුළු දිවයිනටම ශාප කලේ ඇගේ හිතේ ඇති වූ සාධාරණ වෛරය නිසායි. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ඒ භූමිකාව නොකලේ නම්, අද මේ පොර ටොක්ස් දෙන අපිත් මෙතැන නොසිටින්නට ඇත.
කෙනෙක්ගේ කියවීම් තවත් කෙනෙක්ගේ කියවීමට වෙනස් විය හැක. ප්‍රදීප් ඔහුගේ කියැවීමේ සතුටු වනු ඇත. මම මගේ කියැවීම කර හමාරය. කවුරුන් කෙසේ කලත්, මේ ගීතය නිර්මාණය කල සියළු දෙනාටම ස්තූතිවන්ත විය යුතුය. රත්නත්තරේ පිහිටෙන් ඉන්න යැයි දමා ගිය පෙම්වතියට වැඳ වැටෙන අයටත්, උඩ පද පේලියට යට පද පේලිය නොගැගපෙන සින්දු කියන අයටත් නොමැතිව විජය සහ කුවේණිට හඩක් දුන්නාට ඔබට ස්තූතිය. අවසානයේ මා හට සිහිවෙන්නේ කවුරුන් කෙසේ ස්ත්‍රීන්ට වන අසාධාරණ වෙනුවෙන් ගිරිය කඩාගෙන කෑගැහුවාත් අවසානයේ එකී ඉරණමට ලක් වූ ස්ත්‍රිය ඒ ගෙන කියනා කතාවයි. කුවේණියට මා ආදරේ කරන්නේත්, විජය අවසානය තෙක් කුවේණිය ගෙන ශෝක වන්නේත් එකී ගැහැණු ගතියටයි.
“දිරි දුන් නුඹේ ආලේ නිසා…. බෝ විපතක් වෙනා….
නොවඩින් සදා… මතු භවයේ මා…
හමුවන තුරා… අලේ පසෙක ලා… හිඳිමී මෙමා….”
Song :
https://www.youtube.com/watch…
Prathap Esh’s post :
https://www.facebook.com/prathap.eash/posts/10210368939035860