දෙව්ලිය දකින කල සන්නාලියන් මැද
සිත මා නතර වුනි මොහොතක් අතර මග
නෙත් මුණගැසුණු දා ඉඳිකටු තුඩක් අග
අපි තනිවුණා මොහොතක් සිය දහක් ලඟ

මවනා රටා දෙඅතින් අද ඔබේ මනා
වේවා ගෙත්තමක් මගෙ මුළු දිවිය පුරා
නැතිමුත් දායාද දෙන්නට දෝත දරා
ළඳේ නුඹයි පෙම් කෙරුවේ මෙමට සදා

ලොවකට හොරා පෙම් කරනා දනන් මැද
වෙන්නට නොහැක තවකෙක් මේ ලොවේ අද
ගැලපුණ නමුදු අප නව ග්‍රහ යෝග ලද
නුහුරට ගියේ කාලය කල වෙනස තද

බැඳ ඇති බැම්ම ලෝකය මේ අහස උස
වඩා ලොකුයි අපි ඒ මැව් හීන ගොඩ
කිසිදා නොකීවත් හිත් තුල තියෙන බර
සැනසෙමි සදා මම ඔඛෙ වියමනක් මැද