යුධ සැකසුම් කිරීමට හෝ බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමට නොදන්නා නිසා දන්නා විශය පිළිබඳව ලියා තබමි. සාකච්ඡාවට සහ අදහස් වලට විවෘතයි.

ආපදාවක (Crisis) ඇති විශේෂත්වය නම් ඒවා පෙර දැනුම්දීමකින් තොරව ඇතිවීමයි. දල වශයෙන් කරනා ගණනයන් (Predictions) සහ උපකල්පන (Assumptions) හැරුණුකොට ආපදාවක නියමාකාර ස්වභාවය පෙර තීරණය කල නොහැක. නමුත් ආපදාවක් ඇති වූ අවස්ථාවක, ආපදා කළමණාකරණය (Crisis Management) ඉතාමත් වැදගත් තැනක් ගනියි. 2004 වසරේදී ශ්‍රී ලංකාවේ ඇතිවූ සුනාමි ව්‍යසනයේදී මෙකී ආපදා කළමණාකරන සංකල්පය ශ්‍රී ලංකාව තුලදී දක්නට ලැබුණු අතර, 2009 අවසන් මහා සටනේදී ඉතාමත් ක්‍රමවත්ව භාවිතා විය. නමුත් ආපදා සන්නිවේදනය (Crisis Communication) යන පැතිකඩ පිලිබඳ ශ්‍ර්‍රී තුල පවතින්නේ අඩු අවධානයකි. එයට හේතුව අප රට තුල මාධ්‍යය, රජය මෙන්ම සාමාන්‍යය ජනතාවද අක්‍රමවත් සන්නිවේදන ක්‍රම (Informal Methods of Communication) පිලිබඳව වැඩි විශ්වාසයක් තබා ඇති නිසාවෙනි.

ආපදාවක් වූ වහාම රජයක් විසින් ඒ සඳහා ඇති ආපදා කළමණාකරන මධ්‍යස්ථානය (Crisis Management Center / Disaster Management Center) සක්‍රීය කල යුතු අතර එහි ඇති කොටසක් ලෙස ආපදා සන්නිවේදනයත් සක්‍රීය කල යුතුවේ. මෙකී ආපදා සන්නිවේදන අංශය මගින් සිදු කිරීමට අවශ්‍යය ප්‍රධාන කාර්්‍යය වන්නේ උදාවී ඇති තත්වය (Nature of the Current Situation), ඒවාට අදාල පාර්ශව (Stakeholders of the situation) සහ තොරතුරු අවශ්‍යය අංශ (Interested parties) යන සාධකයන් සම්බන්ධ කිරීමයි. මෑතකදී සිදුවූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය උදාහරණයක් ලෙස ගනිමු.

ආපදාව සිදුවූ වහාම සන්නිවේදන අංශය (Communication Unit) මගින් සියළුම මාධ්‍යය ආයතන වල නියෝජිතයින් (Media Agents), සමාජ ජාලා ක්‍රියාකාරීන් (Social Media Activists, Social media Influencers), ආරක‍ෂක අංශ වල සන්නිවේදන අංශයේ නියෝජිතයින් (Communication personals of Military) සහ රජයේ ප්‍රවෘත්ති සහ මාධ්‍යය ප්‍රකාශ අංශයේ නියෝජිතයින් (Agents of Government Media and News) තම ආපදා සන්නිවේදන මූලස්ථානය වෙත කැඳවිය යුකුය. මේවා පෙර සූදානම් කර (Pre-requirements) තිබිය යුතු අවශ්‍යතාය.

උදාවී ඇති තත්වය පිලිබඳ දැනගැනීම සඳහා ආපදා සන්නිවේදන අංශයන් හට පෙර පත්කල ප්‍රාදේශීය වාර්ථාකරුවන් (Regional Informers), ආරක‍ෂක අංශ සහ මාධ්‍ය අංශ වැනි අයගේ සහාය ලබාගත හැකි අතර, සෑම විටෙකම මෙම තොරතුරු සාක‍ෂි (Proof or Evidence) සමග ලබා ගැනීම පසුව ඒවායේ සත්‍යයභාවය (Credibility & Reliability) තහවුරු කිරීම සඳහා වැදගත් වේ. මීගමුවේ දේවස්ථානයේ ප්‍රහාරය පිළිබඳව මුලින්ම විස්තර පල වූයේ එම සිදුවීම සිදුවූ අවස්ථාවේ අවට සිටි පිරිස් විසින් තම සමාජ ජාලා අඩවි (Social Media Platforms) වල ලබා දෙන තොරතුරුය.

තාක‍ෂණයෙන් දියුණු අවධියක, විද්්‍යුත් තොරතුරු හුවමාරු මාධ්‍ය (Digital Communication Methods like Whats App, Viber etc.) සහ සමාජ ජාලා (Social Media like Facebook, Instagram & YouTube) ඉතා කාර්්‍යක්ෂම මාධ්‍ය බවට පත් වන්නේ මේ නිසාවෙනි. එසේ පැමිණෙන තොරතුරු තමන්ගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මගින් සහ ආරක‍ෂක අංශ මගින් නැවත තහවුරු කර, ඒවා සටහන් කර මනාව පුහුණු වූ භාෂා පරිවර්ථකයින් (Translators) මගින් පරිවර්ථනය කර භාෂා තුනෙන්ම ඒවාට අදාල පාර්ශව (රජය, ආරක‍ෂක අංශ සහ මාධ්‍යය) සහ තොරතුරු අවශ්‍යය අංශ (සාමාන්‍යය ජනතාව, විදෙස් මාධ්‍යය සහ අනෙක් තුන්වන පාර්ශවයන්) වෙත නිකුත් කල යුතුය. එමගින් සියළු දෙනා හට ඒකීය විස්තරයක් ලැඛෙන නිසා සමාජය වෙත යන පණිවුඩයේ පරස්පරතා (Controversial statements) මග හරවා ගත හැක.

මෙහිදී වැදගත්ම කරුණ නම්, ආපදාව කළමණාකරනය කිරීමේදී එහි ස්වභාවය අනුව (Nature of the Situation) ඉහත කී එක් එක් පාර්ශවයන් වෙත ලබා දෙන තොරතුරු වල යම් යම් කොටස් සංශෝදනය කල යුත වීමයි. මීගමුවේ දේවස්ථානයේ සිදුවූ පිපිරීමේදී මියගිය පුද්ගලයින් ගණන එම මොහොතේ ගණනය කිරීම අපහසු බැවින්, දළ සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇතිවන ගැටළුකාරී තත්වයන් දරුණු විය හැක. රජයේ අරමුණ සිදුවූ විනාශය නිසා ජනතාව අනිසි කලබලවීමකට පත්වීම වැලැක්වීම නම් මියගිය ප්‍රමාණය දල වශයෙන්වත් සඳහන් නොකර සිටීම පසුව මිය ගිය ප්‍රමාණය වෙනස් කර දක්වනවාට වඩා සාර්ථක උපක්‍රමයකි.

තවත් වැදගත් කරුණක් වන්නේ සමාජ ජාලා පිලිබඳව රජය දක්වන අඩු අවධානයයි. වත්මත් සමාජයේ මෙන්ම ලෝකයේද සෑම පුද්ගලයෙකුටම ඩිජිටල් අනන්‍යතාවයක් (Digital Identity) පවතී. භෞතිකව සිටිනා පුද්ගලයාට වඩා සමහර අවස්ථා වලදී එකී සයිබර් අවකාශයේ සිටිනා ඩිජිටල් පුද්ගලයාගේ බලපෑම විශාල වේ. (Virtual identity can be more impact-full and powerful than the normal identity). සමාජ ජාලා ක්‍රියාකාරීන් වැනි අය ආපදා සන්නිවේදනයේදී වැදගත් වන්නේ ඒ හේතුවෙනි. මෑතකදී වූ ගැටළුවේ ප්‍රධානතම වැරැද්දක් වන්නේ රජය විසින් සමාජ ජාලා අවහිර කිරීමයි. එහි මූලික අදහස වැරදි තොරතුරු සමාජ ගත වීම වැලැක්වීම වුවත් එයින් සිදු වූයේ නිවැරදි තොරතුරු දැනගැනීමේ ක්‍රමයක් නොමැතිව ජනතාව නොමග යෑමයි. සමාජ ජාලා ක්‍රියාකාරීන් වටා ඉතා විශාල පිරිසක් එක් වී සිටින අතර ඔවුන් දැනුවත් කිරීම තුලින් වැරදි තොරතුරු පිටතට යාම වලක්වා ගත හැකි අතර ආපදා කළමණාකරන අංශයේම සමාජ ජාලා ගිණුම් වලින් නිවරදි තොරතුරු ජනතාව වෙත නිකුත් කිරීම තුලින් තවත් වැරදි තොරතුරු සමාජගත වීම වලකා ගැනීමට හැකියාව තිබුණි.

ඇමරිකාවේ උපකාරක සුනඛයෙන් (Help Aid Dog) ශ්‍රී ලංකාවේ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා සුනඛයෙක් (Sniffing Dog) ලෙස සමාජ ජාලා වල පැතිරීම ගත් කල, එවන් තොරතුරක් ලත් සැනින් එහි සත්‍යය අසත්‍යය භාවය තහවුරු කර සමාජ ජාලා තුලින්ම ප්‍රකාශයක් නිතුත් කිරීම තුලින් වැරදි තොරතුරු ප්‍රචාරණය අවම කරගත හැකිය. මේවා ඉතා සුළු කාර්්‍යයන් ලෙස පෙනුනත් ලෝකයේ අද වටිනාම ධනය වන තොරතුරු වල ගුණතාමක භාවය රැකගැනීම සඳහා මේවා ඛෙහෙවින් උපකාරී වේ. සැකකාරියක ලෙස ඇමරිකාවේ වෙසෙන සමාජ ජාලා ක්‍රියාකාරිනියකගේ (Social Activist) ඡායාරූපය පල කිරීමේ තොරතුරු වල සත්‍යය අසත්‍යයතාවය කෙසේ වුවත් එය පල කිරීමේදී ද්විත්ව අනන්‍යතාවයක් ඇති ජාලා ගිණුමක
(Dual Identity Profile) වීමට ඉඩ ඇති බවත් සඳහන් කලා නම් අද වන විට තමන්ට ඇතිවූ අපහසුතාවය පිළිබඳ එකී සාමාජ ජාලා ක්‍රියාකාරිනිය ලොව පුරා පතුරණ අපවාද වලක්වා ගැනීමට හැකියාව තිබුණි. ඉස්ලාමි අන්තවාදීන් විසින් මෙම සිද්ධියට පෙර නොයෙකුත් වීඩියෝ පට සහ ප්‍රචාරණ සමාජ ජාලා හරහා සිදු කර ඇති බව දැන් ලැඛෙන තොරතුරු අනුව තහවුරු වේ. නමුත් එවැනි දේවල් අවධානයට පත් නොවූයේ රාජය සමාජජාලා වෙත යොමු කර ඇති අවධානය අඩු නිසාද නැත්නම් එතැන ඇති භාෂා පරතරය (Language Barrier) නිසාද යන්න සොයා බැලීමට වටිනා කාරණයකි. රටේ එක්තරා කාන්තාවකට පහර දීමේ වීඩියෝව රට පුරා ප්‍රචාරණය වූයේ දවසක් තුලය. තමුත් රටේ සාමයට බාධා වන ආකාරයේ ප්‍රකාශ කාගේත් අවධානයට මතුවන්නේ විනාශයක් වීමෙන් පසුවය.

සමාජ ජාලා සහ ඩිජිටල් මාධ්‍යය තවමත් අවහිර කර ඇත. රජය ආපදා කළමණාකරනය අතින් කොතරම් දුරකට සාර්ථකද යන්න නොදන්නා නමුත්, සන්නිවේදනය අතින් රජයේ සිදුවූ වැරදි එමටය. ආපදා සන්නිවේදනයේදී රජයේ මාධ්‍යය සහ ප්‍රවෘත්ති ප්‍රකාශකයින්ගේ වගකීම විවිධ ඇමතිවරු, රාජ්‍යය නිලධාරීන් සහ පාලකයින් විසින් එම තත්වය පිළිබඳව පරස්පර විරෝදී ප්‍රකාශ controversial Statements) කිරීම වැලැක්වීමය. මෙමෙ සිද්ධියේදී හරීන් ප්‍රනාන්දු මහතා සහ ආරක‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මාධ්‍යය වෙත ප්‍රකාශ කලේ කිසිඳු යටි අරමුණක් නොමැති තමන්ගේ හිතට ආ සැබෑ අදහස්ය. නමුත් එමගින් ඇතිවූ කැළැල කිසිදා මතකයෙන් නොයන අතරම මාධ්‍යය ප්‍රකාශයක් කිරීමට පෙර සන්නිවේදනය කල යුතු ආකාරයේ වැදගත්කම තවත් තහවුරු වේ.

සරත් ෆොන්සේකා මහතා, කාඩිනල් මැල්කම් රංජිත් පියතුමා, යුධ හමුදාපති වසන්ත සේනානායක මහතා සහ ආචාර්්‍යය විජයදාස රාජපක‍ෂ මහතා වැනි අය සමාජය වෙත තොරතුරු සන්නිවේදනය කලේ නිවැරදි ආකාරයටයි. සාමාන්‍යය ජනතාව වෙත ආපදාවත් දැනුම්දීමේදී සියළුම කරුණු හෙලි නොකර, එම අවස්ථාවට උචිත ආකාරයෙන් අවශ්‍ය දේ පමණක් සහ ජනතාවගේ මානසික මට්ටම තේරුම් ගෙන යමක් ප්‍රකාශ කල යුතුය. එබැවින් සාමාන්‍යය ජනතාව විසින් ඔවුන්ගේ ප්‍රකාශ ඉතා ඉහලින් අගය කල අතර ජනාධිපති, අගමැති, මුදල් ඇමති, ආරක‍ෂක ලේකම් සහ අසාද් සාලි වැනි අයගේ ප්‍රකාශ ඉතා පිලිකුලෙන් විවේචනයට ලක් විය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටේ ආපදා තත්වය ගෙන විදේශ මාධ්‍යය සහ සාමාන්‍යය ජනතාව අමතා සිදුකල ප්‍රකාශ සන්නිවේදනයේ නොකල යුතු සියල්ල අන්තරගත කරමින් කල ප්‍රකාශ වේ. වත්මත් තත්වය ගෙන තොරතුරු සැඟවීම, ඉදිරි වැඩපිලිවෙල ගෙන කිසිම හරයක් නොමැති ප්‍රකාශ කිරීම, අවස්ථාවට අනුව තමන්ගේ හැඟීම් ප්‍රකාශ නොකිරීම සහ විශේෂයෙන්ම එකිනෙකා වෙත වැරදි පටවා ගැනීම වැනි දේවල් තුලින් සිදු වූයේ අවැඩක්ම පමණකි. මෙවැනි අවස්ථාවක ජනතාව සඳහා සන්නිවේදන කටයුතු කල යුතු ආකාරය හොඳින්ම හැසුරවූයේ නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාරයේ සිද්ධියේදීය. සුළු ජාතිකයින්ට නවසීලන්තයේදී එල්ල කල ප්‍රහාරය එරට රජය විසින් සමාජ ජාල වල ජායාරූප සංසරණය වලක්වා, මාධ්‍යය තුලින් අවශ්‍යය නිවැරදි සහ වැදගත් තොරතුරු ලබා දෙමින් ජනතාවට ඉදිරිපත් කල අතර, රටේ අගමැතිනිය ඉතාමත් නිවැරදි ආකාරයෙන් තම ප්‍රකාශයට ලෝකයටම ඉදිරිපත් කලේ තමන්ගේ රටේදී ඇතිවූ වරදට ලෝකයා තම රටට ඇඟිල්ලක් දිගු කරන්නට හැකි නොවන ආකාරයෙනි.

ආපදා සන්නිවේදනයේ පාලනයට අපහසුම කරුණ මාධ්‍ය හැසිරවීමයි (Media Handling). ආපදා සන්නිවේදන ඒකකය විසින් සෑම මාධ්‍යය ආයතනයකම නියෝජිතයෙක් මගින් මාධ්‍යය ආයතනය වෙත තොරතුරු ලබාදීම සහ ක්‍රියා කල යුතු ආකාරය පැහැදිලි කිරීම වැදගත් වන්නේ මේ නිසාවෙනි. තුවාල ලබා සිටින මිනිසුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම, සංවේදී දර්ශණ (Sensitive & Censored Footage) පෙන්වීම මගින් ජනතාව කුපිත කිරීම, අනෙක් මාධ්‍යය ආයතන වලට පෙර තොරතුරු ලබා දීටම යාමේදී ඇතිවන වැරදි, වැරදි පුද්ගලයින් මගින් ප්‍රකාශ සහ තත්වය පිලිබඳ විශ්ලේෂණ ලබා ගැනීමෙන් ඇතිවන ගැටළු වැනි බොහෝ වැරදි මාධ්‍ය විසින් දැඩි අවධානයට යොමු කල යුතු දේවල් වේ. මාධයය අංශ වලින් රටේ බහුතරයක් ජනතාව තොරතුරු ලබා ගන්නා අතර ඔවුන්ට මෙවැනි අවස්ථා වලදී වැඩි බලයක් සහ වැඩි වගකීමක් ඇත්තේද ඒ නිසාවෙනි. බොහෝ මාධ්‍ය මෙවර උත්සාහ කලේ අන් අයට පෙර තමන්ගේ වාර්ථාව ඉදිරිපත් කිරීමට සහ තමන්ගේ තොරතුරු වල අගය සානුකම්පිත (Emotional) සහ ප්‍රශ්ණ ඇති වන සුළු (Conflicting) අන්දමින් විකාශය කර ජනතාවගේ ආකර්ශණය ලබා ගැනීම වීම කණගාටුවට කාරණයකි.

එමෙන්ම විදේශ මාධ්‍යය යම්කිසි රටක තොරතුරු ලබා ගන්නේ ඔවුන්ගේ නියෝජිතයින් සහ එම රටේ මාධ්‍යය වලම තොරතුරු ආශ්‍රයෙනි. විදෙස් නාලිකා වල මෙරට නියෝජියින් කවුරුන්දැයි පෙර සිටම හඳුනාගෙන ඔවුන් කිසිවෙකුටත් පක්ෂපාතී නොවන ලෙස නිවැරදි තොරතුරු ලබා දීමේ වැදගත්කම මෙවර හොඳින් අවබෝධ විය. බී.බී.සී පුවත් සේවය වැනි ලෝකයම ලබා සිටින පුවත් සේවා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තොරතරු ලබා දුන් අයගේ තොරතුරු වල පක‍ෂතාතී බව නිසා ජාත්‍යන්තරය හමුවේ රටේ ඇතිවූ තත්වය ඉතාමත් වැරදි අර්ථකතනයක්ම විය. මේවා පෙර සිටම සූදානම් වී තිබිය යුතු දේවල් සහ කිසියම් දේකින් මෙවැනි අතපසුවීමක් සිදුවී ඇති අවස්ථාවක රජය විසින් එම තොරතුරු නිවැරදි කිරීමේ විදිමත් සන්නිවේදන වැඩපිලිවෙලක් තිබීම අනිවාර්්‍යය වේ.

දැන් සිදුවූ සියල්ල සිදුවී හමාරය. ආපදා කළමණාකරනය හෝ ආපදා සන්නිවේදනය පිලිබඳ දැන් ගුරුහරුකම් දීමෙන් නැතිවූ ජීවිත වල වටිනාකම නැවත ලබාගත නොහැක. නමුත් ඉදිරියේදී යම්කිසි ආපදා තත්වයක් ඇති වූ අවස්ථාවකදී සන්නිවේදනය හරි ආකාරයෙන් සිදුකිරීම තුලින් ජනතාව නොමග යෑම වැලැක්වීමටත්, තොරතුරු වල නිවරද්‍යතාවය සහතික කිරීමටත්, සමාජ ජාලා වල ඇති වැදගත්කම සහ ඒවා හැසිරවිය යුතු ආකාරය දැනගැනීමත්, රාජයේ ප්‍රකාශ නිසි අයුරින් සිදු කිරීම තුලින් ජාත්‍යන්තරය හමුවේ රට ගෙන වැරදි ප්‍රතිරූපයක් මතු නොවීමත් සහ නිවැරදි සන්නිවේදනයක් තුලින් ආපදා කලමණාකරනයට පහසුවක් වීමත් යන අරමුණු ලඟා කර ගත හැකිවේ.